Image

සරසවියේ අවසන් වසරයි පසුවන්නේ

ඔබ හා මා ගතකළ සමයයි සිහිවන්නේ

කැලණි නදිය සෙමෙන් සෙමෙන් ගලා බසින්නේ

මෙහි අප විඳි සොඳුරු මතක මැවී පෙනෙන්නේ


දුර ඈතක සිට ආ ඔබ මට හමුවූ දා

දැනුණා මසිතට හැඟුමන් නොදැනුණු පෙර දා

තව කෙටි කලකින් අප දෙදෙනා වෙන්වන දා

කෙලෙසක නම් යන්නද මා ඔබ අතහැර දා


සරසවියේ අවසන් වසරයි පසුවන්නේ...


හිරු බැස යන සැඳෑ කලක ගං ඉවුරේ දී

සරසවි මාවත අද්දර තල් සෙවනේ දී

අප මැවු ඒ සිහින සපිරි අපේ ලොවේ දී

සිහිනෙන් හෝ යළි හමුවෙමු මතු දිනයේ දී


සරසවියේ අවසන් වසරයි පසුවන්නේ...


එච්. දේශාන් විජයන්ත

වාග්විද්‍යා අධ්‍යනාංශය

 කැලණිය විශ්වවිද්‍යාලය

07 أيلول/سبتمبر 2022
17 كانون2/يناير 2022
30 آب/أغسطس 2022
09 كانون2/يناير 2023
04 تموز/يوليو 2022