Image
වැලිකෙළියේ බැදි ආලේ
එදා නුඹ පෑ කොදමල් සිනාවේ
උමතුවක් වී ද? මසිතේ
සිහිවෙයි දුටු විට පා සළඹ නුඹේ...
උඩරට බෙරපදයට තිබූ මැන්ඩියට
අදටත් හැඩයි නුඹෙ නෙරිය
එනමුත් මා දෙනුවන් වසග කළේ කුමකට ද?
කිසිවක් නොව නුඹෙ පා යුගලයට...
පියඹා ගියා කාලය ඇසිපිය සලන ක්ෂණයෙන්
නුඹත් ගියා වෙන පෙමක පැටලී රහසින්
මා ගොලුවෙකු නිසා කළ හැකි ද? ආලයක්
අදටත් ගොලුයි මගෙ හදවත නොකියූ පෙමින්...
ඩබ්. පී. සෙව්මිණි
මානව ශාස්ත්‍ර පීඨය
පළමු වසර
07 أيلول/سبتمبر 2022
21 شباط/فبراير 2022
28 كانون1/ديسمبر 2022
03 آب/أغسطس 2023
13 تشرين2/نوفمبر 2022
09 كانون2/يناير 2023