المقالات
ප්‍රේමය, මා නුඹට අමතමි !
- කවි
- الزيارات: 9581

පැතුවෙ පිවිතුරු ප්‍රේමයක්
සිත සනසවන ඖෂධයක්
ළෙන්ගතු හද මඩලක්
ඒත් , නුඹ මට තිළිණ කළේ
අසීමාන්තික වේදනාවක් .......
මැව්වෙ සෙනෙහස පිරුණු සිතක්
රැවුම්, ගෙරවුම් නොමැති හදවතක්
ජීවිතයට මාහැඟි ආශිර්වාදයක්
ඒත් , අන්තිමට මට හිමි වුණේ
කලකිරුණු , දුක්මුසු මතකයක් ........
සෙව්වෙ ළෙන්ගතු පෙම්වතෙක්
සැපේදිත්, දුකේදිත් අත් නොහරින පෙමක්
දිවි ගමනට හයියක් වෙන හිතක්
ඒත් , අන්තිමට මට ඉතුරු කළේ
අසීමාන්තික සිත් රිදුමක් ..........
මග බැලුවෙ ලබා ගැනුමට හිත හදන ප්‍රේමයකට උරුමයක්
සිත භාවනාවක් සේ සනසන පුරුෂයෙක්
ජීවිතේ බෙදා ගන්නට හැකි කරුණාබර උරහිසක්
ඒත් , නුඹ මට ලබා දුන්නේ
දුකම කැටි වෙච්ච පාළු , තනිකඩ හැගීමක් ..........
ප්‍රේමය , ඉතින් මා නුඹ ගැන කලකිරුණෙමි
ඒකපාර්ශ්වික මගේ ප්‍රේමය සදාකල් මා හදේ රැව් දේවි
සිතුවමක් සේ නුඹව යළි යළි මතකයට නැගේවි
ඉතින්, තවත් නුඹ සමග කතා නොකරමි
ඒ මන්ද යත් ,
සදාකල් නුඹ මට දුක් වේදනාවක් ම උරුම කළ බැවිනි ...........
ලෂිනි අමාෂා චන්ද්‍රසිරි
පළමු වසර
සමාජීය විද්‍යා පීඨය
කැලණිය විශ්ව විද්‍යාලය
01 شباط/فبراير 2023
සතියකින් ආපස්සට
06 حزيران/يونيو 2023
සිනාසෙනු දුටිමි ඔහු ඇය සමඟ ...
08 آذار/مارس 2022
ඇය …
28 كانون1/ديسمبر 2022
හිමිසඳුනි මං උතුනි වූවා ...
13 تشرين2/نوفمبر 2022
අරුමැසි ගම් පියස
10 آب/أغسطس 2022
In the midst of everything.
27 حزيران/يونيو 2022
හන්තානට පායන සඳට පිළිතුරු ගීයක්


