المقالات
ප්‍රේමය, මා නුඹට අමතමි !
- කවි
- الزيارات: 7158

පැතුවෙ පිවිතුරු ප්‍රේමයක්
සිත සනසවන ඖෂධයක්
ළෙන්ගතු හද මඩලක්
ඒත් , නුඹ මට තිළිණ කළේ
අසීමාන්තික වේදනාවක් .......
මැව්වෙ සෙනෙහස පිරුණු සිතක්
රැවුම්, ගෙරවුම් නොමැති හදවතක්
ජීවිතයට මාහැඟි ආශිර්වාදයක්
ඒත් , අන්තිමට මට හිමි වුණේ
කලකිරුණු , දුක්මුසු මතකයක් ........
සෙව්වෙ ළෙන්ගතු පෙම්වතෙක්
සැපේදිත්, දුකේදිත් අත් නොහරින පෙමක්
දිවි ගමනට හයියක් වෙන හිතක්
ඒත් , අන්තිමට මට ඉතුරු කළේ
අසීමාන්තික සිත් රිදුමක් ..........
මග බැලුවෙ ලබා ගැනුමට හිත හදන ප්‍රේමයකට උරුමයක්
සිත භාවනාවක් සේ සනසන පුරුෂයෙක්
ජීවිතේ බෙදා ගන්නට හැකි කරුණාබර උරහිසක්
ඒත් , නුඹ මට ලබා දුන්නේ
දුකම කැටි වෙච්ච පාළු , තනිකඩ හැගීමක් ..........
ප්‍රේමය , ඉතින් මා නුඹ ගැන කලකිරුණෙමි
ඒකපාර්ශ්වික මගේ ප්‍රේමය සදාකල් මා හදේ රැව් දේවි
සිතුවමක් සේ නුඹව යළි යළි මතකයට නැගේවි
ඉතින්, තවත් නුඹ සමග කතා නොකරමි
ඒ මන්ද යත් ,
සදාකල් නුඹ මට දුක් වේදනාවක් ම උරුම කළ බැවිනි ...........
ලෂිනි අමාෂා චන්ද්‍රසිරි
පළමු වසර
සමාජීය විද්‍යා පීඨය
කැලණිය විශ්ව විද්‍යාලය

06 تشرين1/أكتوير 2022
දනිමි නුබ මගෙ බවම....

25 نيسان/أبريل 2022
සඳට ආදරෙන්...

13 أيلول/سبتمبر 2022
කාලෙකට පස්සේ අද …

16 آب/أغسطس 2022
මං එනතුරු

10 تشرين1/أكتوير 2023
මැරෙන්නට මොහොතකට පෙර : කියම් ද නොකියම් ද ?

16 آب/أغسطس 2022
කාලය

18 تموز/يوليو 2022
Who am I ?
