المقالات
නුහුරු පෙමක වස් කවි
- කවි
- الزيارات: 3451
සන්ධ්‍යා වළාවන් හිනැහෙන විට අඹරේ
කෑකෝ ගාන මොණරිඳු මන්දැයි නිහඩේ
සැවුලෙකු ලෙසින් කියනා ගී මිහිරාවේ
තනිවූ දෙමංසල නුඹ පමණ ද ඉන්නේ
වනදෙව්ලියෝ කෝලම් කරමින් අදරේ
සැඟවී යන හිරුට සිව් පද කවි කීවේ
තුරුලත සලා ඉඟි මරමින් සන්ධ්‍යාවේ
රූ හැඩ මවන අඟනෙකි නුඹ තනි කැදළේ
ගීතය රාගයට මුල් පද වැරදෙච්චි
නෙතගින් පාන ඉඟි කෝලම් රැවටෙච්චි
පැද්දෙන උකුල ඝණ අදුරේ දිලිසෙද්දී
පායාපන් සඳ කොමලිය තව රෑ වී
ගොම්මන අඳුර මූසල සන්ධ්‍යාවේ
මේ මඟ කොතෙක් තනි මංසල වුනාවේ
තනි පැදුරට පෙම් ගී හුරු නුනාවේ
සඳ කොමලිය තුටු වෙනවද මෙයාමේ
ඉඟි බිඟි පාන ගිර උන් ජෝඩුව අත්තේ
තුරුලට අරන් පෙම් කවි කියනවා ඇත්තේ
සඳ හිනැහෙන නිසාද මේ අවලාදේ
නුහුරු වස් කවි මට හිමිවූයේ
නිශාදි කෞෂල්‍යා දිසානායක
සිංහල අධ්‍යනාංශය
මානව ශාස්ත්‍ර පීඨය


