Articles
සරසවි ප්රේමය
- කවි
- Affichages : 6062

සරසවියේ අවසන් වසරයි පසුවන්නේ
ඔබ හා මා ගතකළ සමයයි සිහිවන්නේ
කැලණි නදිය සෙමෙන් සෙමෙන් ගලා බසින්නේ
මෙහි අප විඳි සොඳුරු මතක මැවී පෙනෙන්නේ
දුර ඈතක සිට ආ ඔබ මට හමුවූ දා
දැනුණා මසිතට හැඟුමන් නොදැනුණු පෙර දා
තව කෙටි කලකින් අප දෙදෙනා වෙන්වන දා
කෙලෙසක නම් යන්නද මා ඔබ අතහැර දා
සරසවියේ අවසන් වසරයි පසුවන්නේ...
හිරු බැස යන සැඳෑ කලක ගං ඉවුරේ දී
සරසවි මාවත අද්දර තල් සෙවනේ දී
අප මැවු ඒ සිහින සපිරි අපේ ලොවේ දී
සිහිනෙන් හෝ යළි හමුවෙමු මතු දිනයේ දී
සරසවියේ අවසන් වසරයි පසුවන්නේ...
එච්. දේශාන් විජයන්ත
වාග්විද්යා අධ්යනාංශය
කැලණිය විශ්වවිද්යාලය
7 septembre 2022
සීගිරි ළදුන්..
27 juillet 2022
දෑස දැල්වේ කඳුළින්ම බොඳවී
6 octobre 2022
ප්රශ්න පත්රය
18 avril 2023
පැතුමන්
18 avril 2023
පා සළඹ...
20 mars 2023
මංජුසාව
6 octobre 2022
පරණ වුණු අලුත් පොත්


