උමතු අමුතුව.
- කවි
- Affichages : 5394

පුරුද්දට හේතුවක් හොයන විදිහේ පුරුද්දක්.
චරිතයක සම්ප්රදායක් හොයන විදිහේ රාමුවක්.
අපි ඉතින් "අපි,යැයි" කිව්ව අපේ කෙනෙක්...
මෙහෙමයි ජිවිතේ ගළපන්නේ,
ගළපන්න ඕනි තැන රාමුවක් දැකපු තැන,
පිට නොයා ලියවෙන්න,
පිට නොයා ලියවන්න,
අපිමයි ඕනි ලියාගන්න "අමුතුව...."
නමකින්, අපි දන්න "උමතුව."
කෙනෙක්-: "රැඩිකල් වෙන්නද ඕනි??"
තවකෙනෙක්-: "හුස්මක් ගත්තම 'හිස්' කියලා හිතෙන්නේ නැද්ද?
කළු සුදු පදාස,
නීතියට නොදැනිච්ච
'රීතිය.'
හිතට හරි ළඟයි,
විනිශ්චයක් නැති ඒ නිදහස.
ගරු කරන්නයි හුරු,
බයක් නැති හිතක් ඇති රීතිය.
නමක් නොකියා හැදුනු තැන සපිරුණ...
අපිමයි ලියන්න ඕනි,
නීතියට මඟහැරි රීතියක 'මහිමය.'
කෙනෙක්-: "සරලයි"
තවකෙනෙක්-: " ස් + අ = ස
ර් + අ = ර
ල් + අ = ල
ය් + ඉ = යි රටාවක් නෙවෙයි, 'අවශ්‍යතාවක්.' ඒකයි ඒ සංකීර් ණ."
කෙනෙක්-: "පුහු තර් ක"
තවකෙනෙක්-: "ඔව්, කෙස් පැලෙන්න...,
ඕනි දකින්න අපිට තියනවද කියලා ඉමක්."
'අනුව' යන ගමනට 'සම' යැයි කියූ අර් ථයක්,
අවැසිමඟ අරුතට,
'සම' යැයි කියූ විරුද්ධාර්ථයක්.
විසඳුම් නැති ගැට පොදියක
පොකුරු බැඳගත් විනිවිද වියමනක්.
අපිමයි ලියන්න ඕනි,
ගැළපෙනම පාටක්.
කෙනෙක්-: "මිනිස්සුනේ..."
තවකෙනෙක්-: "මොකක්ද? 'මනුස්සගතිය',ද?"
කෙනෙක්-: "වෙන්න ඇති 'මනුස්සකම.'"
පහසුයි ගිලිහෙන්න
නටුවට නොව මලට...
ගිලිහී පරවෙන්න
ඉක්මන් වූ කරුමෙකට...
විකසිත වූ තැන මුකුලිත නොවෙදැයි ගතු කියන කල
චක්‍රය හරි මුත්,
විකසිත මස ගිලිහෙන්ට....
රසත් තිත්ත වුණි යැයි කවුරුද කියූ කල, ඉතින් ඔහේ පියඹන්නට මේ පවන්මඟ,
අපි අපිමයි ලියවිය යුතු සිත්අඹර....
කෙනෙක්-: "සිහිය නැති වෙලාද?"
තවකෙනෙක්-: මනස මඟහැරුණද??
සීමාවක් නැතුව ද??
ප්‍රමාණයක් නැතුවද??
කෙනෙක්-: මන් හිතන්නේ...
ඉන්න ඕනි මෙතන,මේ අද,මේ මොහොතේ..
හරි අමුතුයි හැබැයි උමතුයි..
ඔව් ලියන්න ඕනි අපේම හිතක්....
තවකෙනෙක්-: "නිවුණු තැන නුඹ වුවද,
මඟහැරුණු මඟ ඒ මම නම්.."
පී.චතුනි හිමයංගා
ප්‍රථම වසර
මානව ශාස්ත්‍ර පීඨය
18 juillet 2022
ගිනියම් හදවත්
13 septembre 2022
රෝස මල
26 septembre 2022
මගේ කවියක් ගානෙම
20 mars 2023
වැද්දාගේ පාපොච්චාරණය...
1 février 2023
රැයේ සඳ අවදිව - මම හිඳි සුවසේ නිදිව
10 octobre 2023
ආයෙමත් ආදරයෙන්
15 mai 2023
මගේ කතාව


