රෝස මල
- කවි
- Affichages : 11515

මල් පුදනා සමාජයක
මලෙහි අරුත නොදන්න අය
ඔබ මොබ දුවමින් ඉන්නව…
බුදුරදු හට මල් පිදුවට
සිතෙහි තියෙන රාගී බව
මනු සතාගේ අඩුවක් නැත…
පුදන්නට ගන්නා මල්වල
පාට සුවඳ හොයනා ඔබ
මදකට සිතුව ද දන්නෑ…
රෝස මලේ ලස්සන දැක
මුහුණ සිනාවෙන් පිරුණට
නටුවේ තියෙන කටුක බවට
ඔබේ සිතේ ඉඩ මොකක්ද…
සුන්දර තැන අගය කරන
කටුක බවට වියෝව වන
මිනිසුන් හට දැන් දැනුනද
මලේ තියෙන සුන්දර බව
එහි පිටුපස නටුවේ නැත…
නිත්ය නොවන ජීවිතයට
අරුත් ගෙනෙන ආත්මයට
රෝස මලම නිදසුනක් ය
ජීවිතයම කියා දෙන්න…
කේ.ඉමාලි සහනිකා සේනාරත්න.
පළමු වසර.
සමාජ විද්යා පීඨය
1 février 2023
සතියකින් ආපස්සට
18 juillet 2022
Who am I ?
7 septembre 2022
ඇය!
1 février 2023
තනිකම
27 juillet 2022
අත්හරිනු ද?
11 octobre 2022
කළු සුදු චරිත...
25 octobre 2022
ගෙවී ගිය කොහුමිට


