ගෙවී ගිය කොහුමිට
- කවි
- Affichages : 5128

ගෙවී ගිය කොහුමිට
කහ ඇහැළ මල් වැස්ස,
රටා ඇන්දම මොකද?
එකින් එක ඇහිදින්න
පුළුවන් ද හැමදාම......
මම කියමි පොත් වසා උගත් පාඩම්’තර,
නිහඩ බිම බර දෙනෙත,
කතා කල වගම මට......
ලිහ ලිහා යළි බදින,
කළු ගැහුණ වෙළුම්පට,
තව කලක් දරාපන්,
අම්මාට බත් කන්න.....
තුරුලතා කුරිරු නම් පෙතිලිහී වැටෙන්නට,
මේ කැළණි වසන්තේ ලස්සනක් කොහෙද මට.....
හෙට උදෙත් අතසිඹින ගෙවීගිය කොහුමිටට
ගිමන් හරිනා දෑත,
කොහොම වෙවුළුම් කයිද?
එච්. ආර්. ආර්. නිරෝෂනි
සමාජීය විද්යා පීඨය
පළමු වසර
6 octobre 2022
බර අදින සිල්පර
13 septembre 2022
ජීවිතය
11 octobre 2022
දිවිය
11 juillet 2022
කිරි සුවඳ
25 octobre 2022
ඇටසැකිල්ල
15 novembre 2022
මට කුමට ?
20 mars 2023
මංජුසාව


