අකල් වැස්සට තෙමුණු මලක්...
- කවි
- Affichages : 1861
නුබ නිහඬව බලා හිඳී
අකල් වැස්සෙ මල් කැකුළු තළා
රැය හිමකර මැකී ගිලේ
දෙතොල් මතින් මධු සුවය හෙළා
වන බිගුකැළ නිදා සිටී
හැඟුම් පොකුරු මී විතක වෙළා
මළ කුසුමක් කඩා හැලේ
කුහුල් තැවුල් බොල් පිනිති සළා
තනි තරුවක් දිලී නිවේ
සඳක එළියේ රද සුවය ගළා
දුර තික්මෙර සොයා ඇදේ
දහස් පැතුම් දුක් සුසුම් තළා
මල් පරසතු සමා නොදේ
වරද අනග හී පහර පළා
මහ ගිරිකුළ කතා ඇසේ
සුරඹ පුරෙන් ඈ වඩිනු බලා
නල තුරු පෙළ වෙළා ගනී
අහස් ගව්වෙ ගුරු පටල එළා
රණ හසරුන් හඬා වැටේ
තුඩින් පඬෙරු පැහැ කදුළු සළා
සත් සියපත මුදා හැරේ
දහස් දෙනෙත වස් අඳුරු වළා
මළ කුසුමින් විදා හරී
පිපුණු කුසුම් මෘදු සුවඳ ගළා
නිම්නදි ජයවර්ධන
පළමු වසර
කැලණිය විශ්වවිද්‍යාලය