බක්මී හසරැළි
- කවි
- Affichages : 4909

දෙනයන මත යළි පිබිදෙන සිතුවිලි
බක්මී මල් ඇයි කෙරුවෙ තෙරපිලි
පිනවන නෙතු මත බඹරෙකු ඇවිටිලි
රඟහළ දුකටම පමණක් සිරවුණි
පඬු පැහැ සායම් දියකර වැරහැළි
තණ්හා රති රග කෙරුවෙම ගැරහිලි
භවයක පව් කඳ මොහොතක උකටලි
නැවතුම මේ ඉම කෙදිනද නොහැගුනි
මළුවට එන යන නෙක රූ සැණකෙලි
බිමකට රතු සුදු මල් වල කෙහෙරැළි
හිසමුඩු කර ඇති බක්මී හසරැළි
සිත්වල සැනසුම දුර බව සිහිවුනි
ඒ. එම්.ඩී නිම්නදි ජයවර්ධන
මානව ශාස්ත්ර පීඨය
පළමු වසර
10 août 2022
සුදු අරලිය සොහොන
10 août 2022
I really wonder…
30 août 2022
අතීතයේ මතක
11 octobre 2022
ආදරණීය සරසවිය
25 octobre 2022
ගසක මහිම
16 août 2022
කාලය
3 août 2023
සරසවි ආදරය


