යකඩ!
- කවි
- Affichages : 5224

පාන්දර හතරේ කෝච්චිය
හූ හඬ නගන් යනකොට
නින්ද ඉඳ හිට එබී යලි යන
දෙනෙත සැලුණේ සිහිව නුඹෙ වත
අම්මගේ ක්ලිනික් පොත
කිහිල්ලේ ගහගෙන
කෑම කන්නට පිරිය නැති මුත්
කොහොම හරි මට කව්වන
"මල්ලියේ මම ගිහින් එන්නම්
පරිස්සමට ම ඉන්න එතකං"
කියා කියලා මට සිනාසී
ඇදුණු නුඹෙ ඒ ලබැඳි සිනහව
දිවියෙ බර සිය උර මත
දරාගෙන හිනැහීගෙන
හිටියෙ කොහොමද කියාලා නුඹ
සිතනවා අදටත් මම
රේල්ලුවටත් දැනුණද
කොහෙද නුඹෙ සවි ශක්තිය
පීලි පැන්නේ ඒක වෙන්නැති
නුඹව යට කළ දුම්රිය
ඉතින් සොයුරියෙ ඉන්පසු
දවස් ගණනක් ඔහේ ගෙවුණා
නුඹ යටව ගිය මතක සැමරුම්
සිත් වලින් අවපැහැව මැකුණා
නමුත් තාමත් කෝච්චිය නුඹ
යටවෙච්ච තැන පහුකරනකොට
වේදනාවෙන් හෙලන සුසුමන්
අද උදෙත් මගෙ කනට වැටුණා!
දසුන් පෙරමුණ
ප්රථම වසර
ලලිත කලා අධ්යයන අංශය
මානව ශාස්ත්ර පීඨය
13 novembre 2022
ඔවදන
4 avril 2022
ආදරය එහෙමයි…
6 juin 2023
ආදරණිය නොරිකො
28 décembre 2022
ආදරණීය සිත්තම
16 août 2022
The cocoon
18 avril 2023
පියෙකුගේ අවසන් කැමැත්ත
10 octobre 2023
සිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ..


