Image

හදවතේ කැඩපතේ

තිබුණු ඒ හිනාවෙන්

නිවෙමි මං අද ද මේ

විඩාබර සැඳෑවෙත්

 

සියුමැලි ව වේළුණු නුඹෙ දෑත

දහක් බර දැරූ නුඹෙ හිත

මතක් කර කවි කී ඒ දෙනෙත

සියක් දරුවන්ට මඟ කීව

නුඹයි මේ පාරේ ගිය ගුරු තරුව

 

හිතට බර නැති නුඹේ රුව

ඉඳ හිටක හීනෙන් දුක ඇහුව

මවක් නුඹ මෙන් පින්සාර

ගොඩවීය වැඩිහිටි නිවහනට

දෙගඩියාවෙන් එවිට සිහි විය

අද ද හෙට දෝ මතකෙ බණවර

 

හිමාෂා රණතුංග

දෙවන වසර

මානව ශාස්ත්‍ර පීඨය

11 octobre 2022
6 juin 2023
7 septembre 2022
7 décembre 2022
18 avril 2023