ගෙවී ගිය කොහුමිට
- කවි
- Affichages : 5079

ගෙවී ගිය කොහුමිට
කහ ඇහැළ මල් වැස්ස,
රටා ඇන්දම මොකද?
එකින් එක ඇහිදින්න
පුළුවන් ද හැමදාම......
මම කියමි පොත් වසා උගත් පාඩම්’තර,
නිහඩ බිම බර දෙනෙත,
කතා කල වගම මට......
ලිහ ලිහා යළි බදින,
කළු ගැහුණ වෙළුම්පට,
තව කලක් දරාපන්,
අම්මාට බත් කන්න.....
තුරුලතා කුරිරු නම් පෙතිලිහී වැටෙන්නට,
මේ කැළණි වසන්තේ ලස්සනක් කොහෙද මට.....
හෙට උදෙත් අතසිඹින ගෙවීගිය කොහුමිටට
ගිමන් හරිනා දෑත,
කොහොම වෙවුළුම් කයිද?
එච්. ආර්. ආර්. නිරෝෂනි
සමාජීය විද්යා පීඨය
පළමු වසර
1 février 2023
නුඹට පුළුවන්ද මගදි හැරෙන්න!
23 septembre 2022
සිනා රුව
10 août 2022
වලාකුළු කතා කරයි
10 août 2022
I really wonder…
25 octobre 2022
මගේ දිනපොත
9 janvier 2023
කැලණි කන්ද
15 mai 2023
සයුරෙන් එතෙර කහවණු


