ලේඛන කලාවේ ගමන් මඟ
- කාලීන
- Affichages : 6930
Lascaux paintings - France
ක්‍රි.ව 3100 - 2900 අතර කාලයේ මිසරය ලේඛන කලාව උදෙසා පැපිරස් පත්‍ර භාවිත කොට තිබේ. නයිල් ගඟ අසබඩ වැවෙන පැපිරස් නැමැති ශාකයේ කඳ තුළින් කපා ගනු ලබන පටි, දින තුනක් පමණ පමන වතුරේ දමා ,දිය බේරා, තදැති රෝලක් වැනි උපකරණයකින් හොඳින් තලා, ලංකාවේ පොල් අතු වියනවා මෙන් අංශක 90° කෝණයකින් එම පටි එකට තබා කඩදාසි නිර්මාණය කොට ඇත. දින කිහිපයකින් එහි තෙතමනය ඉවත්ව ගිය පසු එම පත්‍රිකා වල සුමට භාවය තවත් වැඩිකර ගැනීමට බෙල්ලන් කුඩුකරගත් සියුම් කුඩු ඇකේසියා ශාකයෙන් මැලියම් උපයෝගී කොටගෙන අලවා තිබේ. මළානික කහ පැහැයක් ගන්නා පැපිරස් පත්රයන්ට කාලයත් සමඟ මානවයා දියුණු වීමේදී විවිධ පැහැයන් ගල්වා තිබේ. ‘ඔකර්’ නම් යපස් වලින් රතු පැහැයද, දැලි වලින් කළු තීන්තද ඔවුන් නිර්මාණය කොට ගෙන තිබේ. වර්තමානයේ paper යන්න බිඳී ඇත්තේ ද මෙම Papyrus යන පදයෙන් බව කියවේ.
- පැපිරස් පත්‍ර නිර්මාණය -
පැපිරස් පත්රයන්ගෙන් පසු වසර තුන්දාහක් පමණ ගතවනතුරු ලේඛනය සඳහා වෙනත් එකඳු ආදේශකයක් හෝ සොයාගැනීමට මානවයා අපොහොසත් විය. නමුත් ක්‍රි. පූ 100 / 105 අවධියෙදි ලේඛන කලා ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරමින් චීන ජාතිකයන් විසින් කඩදාසිය සොයා ගන්නා ලදී. චීනයේ හන් අර්ධද්වීපයේ රාජ්‍ය සේවයෙන් යුතුව සිටි ‘ට්සායි ලුං’ නැමැති පුද්ගලයා එලෙස කඩදාසි ලොවට හඳුන්වා දුන් බවට සැලකේ. මල්බෙරි ගසේ යටි පැත්ත ගෙන එය උණ පතුරුවල කෙඳි සමඟ වතුර ද මිශ්‍ර කොට, ලී පතකින් කලවම් කර, එම මිශ්‍රණය රෙදි කැබැල්ලක් මත තුනී කොට, වතුර බේරා වියළා ගන්නා ලදී. එවිට රෙදි කැබැල්ල මත කෙඳි පමණක් ඉතිරි විය. එම කෙඳි වියළුණු පසු යමක් ලිවිය හැකි, බරින් ඉතා අඩුවූත්, වඩා සුදු පැහැ මතුපිටකින් යුක්ත විය. එලෙස ඔහු තුළින් ලොව මුල්ම කඩදාසි නිර්මාණය විය. චීන රජය විසින් පසුව කඩදාසි නිර්මාණයෙහිලා ඔහුට රාජ්‍ය අනුග්‍රහය දක්වා තිබේ. නමුත් චීන ජාතිකයන් ඔවුන් සොයා ගත් මෙම රහස ලොව අනෙක් රටවල් සමග බෙදා ගැනීමට අකමැති විය. නමුත් ශතවර්ශ ගණනාවක් ගත වීමේදී යුධමය කටයුතු හා වෙළඳාමේ ප්‍රතිඵලයක් ලෙස එලෙස රැකගත රහස මැදපෙරදිගට සංක්‍රමණය විය. යුද සිරකරුවන් ලෙස අරාබි ආක්‍රමණිකයන් ග්‍රහණයට ලක්වූ චීන භික්ෂූන් දෙපලක් සිය නිදහස වෙනුවෙන් කඩදාසියේ රහස ඔවුන්ට ලබා දුන් බව පැරණි පොතපතෙහි සඳහන් වේ. ඒ වන විටත් මධ්‍යතන යුගයේ යුරෝපීය ක්රිස්තියානිවරුන් රෙදි කැබලි මඟින් කඩදාසි නිපදවීමට උත්සාහ දරා තිබේ. ක්‍රිස්තු වර්ෂ 1200 දී ක්‍රිස්තියානි යුරෝපීන් එවකට ඉස්ලාමීය වූ ස්පාඤ්ඤය ආක්‍රමණය කිරීමත් සමඟ ඔවුන්ට චීනයේ තිබූ ඒ දැනුම අත්පත් කර ගැනීමට හැකි විය. සමකාලයේ හෙන්ඩ්රි ෆවුන්ඩ්රිනේ විසින් ප්‍රථම වරට යන්ත්‍රානුසාරයෙන් කඩදාසි නිර්මාණය ආරම්භ කර ඇත.