المقالات
අමදිනි
- කවි
- الزيارات: 4342
සයුරක්ය ඔබ
වැතිර සිටින්නට
නෑ එහි සීමා
පවසන්නට
ඔබ ළඟ සිටි
හැම මොහොතම
නෑ එහි බර
උහුලන්නට
සියළු ගිනි දුක්
ඔබ උසුලන කළ
ඔරුවක්ය මා
සුවසෙ නැලවෙන
සිඳුණු සයුරකි
නොනිදි බස්සෙකි
නැවකි බරැති
ඔබ නොමැති...
පී.ඩී රෙෂිනි අනුරාධා
විශේෂවේදී දෙවන වසර
ජන සන්නිවේදන අධ්‍යනාංශය
සමාජ විද්‍යාපීඨය


