المقالات
අප්පච්චි
- කවි
- الزيارات: 4747
මහ කැලේ මායිම
දෙයියන්ගෙ අඩවියට කිට්ටුව
තිබුණු අවසන් හේන
අප්පච්චිගේ හේන
කොහොඹ ගහ කොළ හැලිල
ගුරු පාට කද පමණි .
අප්පච්චිගේ තුන් දොහෙන් පහු
කොහොඹ ගහටත් දළු දාන්නට
උවමනා නැති පාටයි.
හේන හොද සරු උනත්
අස්වැන්න අඩු උනත්
දෙයියන්ගෙ කොටහයි
සත්තුන්ගෙ කොටහයි
හැමදාම වෙන් කරපු
අප්පච්චි මැරුණේ
තනි අලියා ගහලයි.
එදා ඒ ගොම්මනෙත්
අලිය මුණගැහෙනකොට
අප්පච්චි උන්නේ
දෙයියන්ගෙ පහන් පැල
දල්වලා එමිනුයි .
කවින්ද්‍යා සෙනෙවිරත්න
පළමු වසර
ලලිත කලා අධ්‍යනාංශය
මානව ශාස්ත්‍ර පීඨය


