Image

මල් පුදනා සමාජයක

මලෙහි අරුත නොදන්න අය

ඔබ මොබ දුවමින් ඉන්නව

                                                                                              

බුදුරදු හට මල් පිදුවට

සිතෙහි තියෙන රාගී බව

මනු සතාගේ අඩුවක් නැත

පුදන්නට ගන්නා මල්වල

පාට සුවඳ හොයනා ඔබ

මදකට සිතුව ද දන්නෑ

 

රෝස මලේ ලස්සන දැක

මුහුණ සිනාවෙන් පිරුණට

නටුවේ තියෙන කටුක බවට

ඔබේ සිතේ ඉඩ මොකක්ද

 

සුන්දර තැන අගය කරන

කටුක බවට වියෝව වන

මිනිසුන් හට දැන් දැනුනද

මලේ තියෙන සුන්දර බව

එහි පිටුපස නටුවේ  නැත

 

නිත්‍ය නොවන ජීවිතයට

අරුත් ගෙනෙන ආත්මයට

රෝස මලම නිදසුනක් ය

ජීවිතයම කියා දෙන්න

 

කේ.ඉමාලි සහනිකා සේනාරත්න.

පළමු වසර.

සමාජ විද්‍යා පීඨය

23 أيلول/سبتمبر 2022
27 تموز/يوليو 2022
07 أيلول/سبتمبر 2022
10 آب/أغسطس 2022
16 آب/أغسطس 2022
06 تشرين1/أكتوير 2022