Image

දුටුව සැම අත මා අවට 

අතේ පැටලුණු හිත් යාවට  

ගතේ ඇතිල්ලී යන ලෙසට 

⁣විය ජෝඩු  ආලයේ රහට 

 

නැහැය කොනිත්තන අටියෙන් 

අතගෑ හිසම සිඹ සිඹ සනසමින් 

කවා බත් දෙකටක් අතින් අත මාරුවෙන් 

විඳී මම අන් අයගේ ප්‍රේමයෙ හැඩ මෙලෙසින්  

 

හුදෙලාවක ගිලී හුන් මම 

ප්‍රේමයේ රහ දුටූවේ 

ප්‍රාතිහාරෙක නවාතැන් ගත් නොවන බවකි තේරුණේ 

ආටෝපයක ගිලී ගිය ප්‍රේමයක් පමණි මා දුටූවේ 

සත්‍යයේ ප්‍රේමයේ රහ තැන මහිත කොණකම ගිලී තිබුණේ   

 

රහේ කිලුටක් නැතිවේවි ආලයේ රස බර කතා අතරේ 

පෑහේ යළි යළි නොවී කල් ගිය කේක් පුසුඹේ සෙයක් කාගේ 

නැහේ විඳිනා විඳවනා හිත් නිදහසක් ඒ සමඟින්ම මිතුරේ 

මහේ හැම ආලයක් කෙළවර දීගයක් වේවා මා පැතූවේ..

 

 

සමාජයීය විද්‍යා පීඨය 

පළමු වසර 

එස්.එන්.රවීනා අනුපමා 

23 أيلول/سبتمبر 2022
03 آب/أغسطس 2023
11 تشرين1/أكتوير 2022
15 تشرين2/نوفمبر 2022
27 تموز/يوليو 2022
17 كانون2/يناير 2022