Image
නිති විදිමි නුඹේ සුසුමන් දිගැසියයේ
නෙත් කොනින් දුන් එක් බැල්මකින් කුමරියේ
ඇදුණු එ රුව ගෙන ගියා මා ආලයේ
ඔබ නැති තම්මැන්නාව අද පාලුයි කුවේණි යේ
 
ගෙතූ කපු රෙද්දේ පැහැය අද වෙනස්වී
සිතුණි ආලය කළා සරදමක් මට මුලාවී
කීවත් සෙනෙහෙ බස් ඔබ මගෙ ළගටවී
එනිසයි යක්කුලයම දෙපලු කෙරුවේ ක්‍රෝධයක්වී
 
දොස් පැවරුවත් මහ හඩින් ලාට රට
කුමරියක් මා ගෙන ගියා බොහෝ දුරකට
කෙදිනකවත් නැත සීමාවන් ආලයකට
 නෑ ඵලක්  මට නුඹ නැති ජීවිතයට
ඩබ්. පූර්ණා සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය
සිතුවම - එස්.දුලාංජි හංසිකා සමරතුංග
23 أيلول/سبتمبر 2022
18 نيسان/أبريل 2023
03 آب/أغسطس 2023
09 كانون2/يناير 2023
13 أيلول/سبتمبر 2022
20 آذار/مارس 2023
11 تشرين1/أكتوير 2022
03 آب/أغسطس 2022