Image
සිහින යනු  මිනිසුන්ට ඔවුන්ගේ ජීවිත තුළ ජීවත්වීමට, අපේ ජීවිත තුළ නව ජීවිත ගොඩ නැගීමට අපට උපකාර වන රන්හුයකි.එකිනෙකාට වෙන් වූ අසමසම ඔවුනට  වෙන්වූ හීන ඇත.ඒවා මිනිසුන්ට ජීවිතයේ නොසැලී ඉදිරියට යාමට ශක්තියක් සපයයි. එම සිහින දිනා ගැනීමට ඔබට අතිරේක කිසිදු දෙයකුත් අවශ්‍ය නොවේ.ඒ සඳහා අවශ්‍ය වන එකම දෙය නම්,බලාපොරොත්තු අත් නොහැර අධිෂ්ඨානශීලීව ඔබගේ සිහිනය විශ්වාස කිරීමයි.බාධක පිරි ජීවිතය ඔබ මට ද මුළු ලෝක සත්වයාට ද උරුම වූවකි.සිහින වෙත යන ගමනේදී බාධක කම්කටොළු හමුවීම  පොදු ධර්මතාවයකි. නමුදු සිහිනය පිළිබඳ නිතැතින් අපි බැඳුණු කළ ඒ බාධක කම්කටොළු කිසිවිටෙක අප ගමනට බාධකයක් නොවේවි. සිහින යනු පුද්ගලයාව දුබලයකු සිට ප්‍රබලයෙකු දක්වා කිරීමට සමත්  ලෝකයේ ප්‍රබලතම අභිප්‍රේරණය විය හැක.එය ඔබ තුළ නූපන් දක්ෂතා ශක්තීන් වර්ධනය කරනු ඇත.සිත ඔබ මෙතරම් ශක්තිමත් පුද්ගලයෙකු වූයේ දැයි ඔබ ඔබගෙන්ම අසනු ඇත.එතරම්ම සිහිනයකට මිනිසකුව වෙනස් කිරීමේ හැකියාව ඇත.සිහින යනු එකිනෙකාට අනන්‍ය වූ ඒවා වේ.ඒ මන්ද සිහින ගොඩනැගෙන්නේ අප පෞරුෂය තුළ බැවිනි.අප කුඩා පුද්ගලයෙකු වුවද අපට විශාල සිහින තිබිය හැක. ඒ විශාල සිහින පසුපස රැඳී ඇත්තේ ඔබගේ පෞරුෂය සහ ඔබගේ ශක්තිමත් නොවැටෙන සුළු අදිටන බව සැමවිටම මතක තබාගන්න. 
සිහිනයක්  වෙත යන්න විට බාධක දහස් ගණනින් අපට හමු වනු ඇත.ඒ බාධක දහස් ගණනින් දහස් වරක් සිහිනය අත්හැරීමට දකින සිතෙනු ඇත.නමුත් ඔබ තුළ දැවැන්ත සිහිනයක් ඇති නම්, ක්ෂණයකින් මොහොතකින් ඒ සිහිනය පිළිබඳ අප තුළ පවතින බිඳී ගිය ශක්තිය නැවත වර්ධනය වනු ඇත. එවන් සිහින කිසිදා මිය යනු නැත.කෙදිනක හෝ ජය ගනු නිසැකය. ඒ මන්ද ඒ සිහින ගොඩනැඟෙන්නේ ප්‍රබල බාධක අභියෝග හමුවේ සුවිශේෂී පන්නර  මතිනි.
Image
අපි හැමෝම දන්න කතාවක් මම මතක් කරන්න ආසයි. තෝමස් අල්වා එඩිසන්ගේ බල්බයේ කතාවක් අපි හැමෝම දන්නවා.ඔහු දහස් වරක් විදුලි එළිය දැල්වීම වෙනුවෙන් උත්සාහයක නිරතවනවා.නමුත් ඔහු නමසිය අනූ නම වතාවක්ම පැරදෙනවා. ඔහුගේ ජීවිතයේ සාර්ථක වූ එක් වතාවකට වඩා ඇත්තේ නමසිය අනූ නම වතාවක් අසාර්ථක වීම්ය.නමුත් ඔහුගේ ගමන නැවැත්තුවේ නම් නැත.නමසිය අනූ නම වතාවක් පැරදුන තෝමස් අල්වා එඩිසන් මෙහෙම හිතන්න ඇති, නෑ මම ජයග්‍රහණය කරනවා, මම කොහොම හරි මේ විදුලි බල්බය දල්වනවා..ඔහු 1000 අවස්ථාවේදී දී ද උත්සාහ කළේ මම කොහොමහරි විදුලි එළිය දල්වන්නේ යන සිහිනය මතිනි .දහ වන අවස්ථාවේ දී ඔහු   විදුලි එළිය දැල්වීමට  සමත් විය.ඔහු ඔහුගේ සිහිනය නමසිය අනුව නම කතාවේදී අත හැරියේ නම් ඔහු කිසිදා ජයග්‍රහණයක නොවුණු ඇත.නමුත් ඔහු ජයග්‍රාහකයෙකු වූයේ පරාජය වීම් දහසකට වඩා ජයග්‍රහණයකට තම සිහිනය පිළිබඳව ඒකායන අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියටම ගමන් කළ හෙයිනි.තම සිහිනය කෙදිනක හෝ ඉටු වේ යන නොනිමි විශ්වාසය මතිනි.
මෙවර ඔස්කා සම්මාන උළෙලේදී  විශිෂ්ඨතම සහය නළුවාට හිමි සම්මානය ලබාගත් කේ .හුයු  ක්වාන්  ඔබ මතක ඇති.ඔවුන් තම සිහිනය ළඟාකරගත් මොහොතේ ඔහු ඉදිරිපත් කළ ප්‍රකාශය හරි අපූරුය.
"මගේ අම්මට වයස අවුරුදු අසූ හතරයි.
ඇය මේ වෙලාවේ ගෙදර ඉඳන් මේක බලන් ඉන්නේ.අම්මේ,මං  ඔස්කාර් සම්මානයක් දිනා ගත්තා . 
තම 84 හැවිරිදි මවට තම ජීවිතයේ වටිනාම අවස්ථාව වන,ඔහුගේ සිහිනය ඉටු කරගත් මොහොතේ ඔහු කළ ප්‍රකාශයයි.ඉතා විශාල කාලයක සිට ඔහු මෙම සම්මානය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින්න ඇත.නමුත් ඔහුට එය ළඟා කර ගැනීමට යම් කාලයක් ගතවන්නට විය.නමුත් ඔහු ඔහුගේ සිහිනය කරා ළඟා  විය.සිහිනයක් ළඟාකර ගැනීමේදී පැවතිය යුත්තේ,කොතරම් බාධක ඇති වූ නමුදු එම බාධක ඉදිරියේ අත් නොහැර සිහිනය වෙත ගමන් කිරිමයි.
"මගේ ගමන පටන් ගත්තේ බෝට්ටුවකින්
මෙහි අර්ථය වන්නේ,හොලිවුඩය යනු ලෝකයේ සෑම රටක ම ඉදිරිපත් වීම මත සිදුකරන ඒ සම්මානය ලබා ගත යුතුම සුවිශේෂී පුද්ගලයා තෝරා පිරිනමන ඉතා වැදගත් ලෝකයේ අසහාය සම්මාන උළෙලකි.හොලිවුඩය මහා සයුරක් වැනිය.ඒ මහ සයුරේ විවිධ කපිතාන්වරු ශක්තිමත් නැව් මතින්.විශාල සබ්මැරීන මගින් සයුර තරණයට පැමිණේ.කේ.හුයු ක්වාන්  සඳහන් කරන්නේ මගේ ගමන මා පටන් ගත්තේ බෝට්ටුවකින් බවයි. අදහස වන්නේ බෝට්ටුවට සයුර තරණය කිරීම විටෙක අපහසුය .ඒ මන්ද විවිධ දළ රළ මගින් බෝට්ටුවට සයුරේ දී මුහුණ දීමට වන ගැහැට එමටය.ඒ මන්ද සර්ව ට වඩා බෝට්ටුවේ ශක්තිය මද හෙයිනි. නමුත් එය පැද යන්නේ ශක්තිමත් හබල් පදවන්නෙකු නම් ඒ ගමනාන්තය දක්වා ගෙන යාමේ ශක්තිය ඔහු තුළ පවතී. බෝට්ටුවට වඩා සයුර පැදවීමට අවශ්‍ය වන්නේ ප්‍රබල ශක්තිමත් හබල් පදවන්නේකු වේ.ඒ මන්ද සමස්ත බෝට්ටුවේ ශක්තිය රඳා පවතින්නේ ඒ මත බැවිනි.
Image
මම අවුරුද්දක් සරණාගත කඳවුරක ජීවත් වුණ.
ජීවිතේ ඕනෑම දුක් ගැහැට විඳීමට,තරම් ශක්තිමත් ප්‍රබල හැකියාවක් සිහිනය වෙත යන පුද්ගලයකු සතුව ඇත.සිහිනයා වෙත යන කාලය ඇතැම් ඇතැම්විට දුර්භික්ෂ සමයක් වැනිය.එහි බාධක අභියෝග නමැති , පරළු මත වැටි වැටි හතිලමින් දුවනට වන ගමනක් විය හැක. වස්සාන සොයාගෙන යාමට අවශ්‍ය විය හැක.නමුත් වස්සානය පැමිණෙන්නේ ග්‍රීස්ම ගණනාවකින් පසුව බැව් සැමවිටම මතක තබා ගත යුතුය.වස්සානය අප කරා එකවරම ළඟා වන්නේ නැත. ගිම්හාන ගණනාවක් පසුකර පසු කර ලස්සන දුර්භික්ෂක වස්සානය පවත්නා බැව් සැමවිටම සිහිනයක් වෙත යන පුද්ගලයකු සිතිය යුතුය.
"අද කොහොමහරි මං බොලිවුඩ් ඒ දැවැන්තම වේදිකාව මත ඉන්නවා."
දහස් ගණනක වැරදි මත,එක් අවස්ථාවක් ඔබ ලබන්නේ නම් ඒ සිහිනය ජයග්‍රහණයි.පැරදීම් දහස් ගණනාවක් මත පිපි කුසුමක් වැනිය.එකී සුවිසල් මොහොත කෙදිනක හෝ ඉටු වන බව සිහියට නගා ගන්න.මේ ඔහු අපට දෙන පණිවිඩය යි .
ඔවුන් කියනවා මේ දේවල් සිද්ධ වෙන්නේ චිත්‍රපටවල් වල විතරයි කියලා.
මෙයින් අදහස් කරන්නේ ඔබ ඔබේ සිහිනය වෙත යන ගමනේදී නොයෙක් දේ ඔබට නොයෙක් පුද්ගලයන් පවසාවි ඔබ අසාර්ථක යැයි කියයි.ඔබගේ සාර්ථකත්වය කෝ යැයි ඔවුන් ඔබගෙන් අසයි.මෙච්චර කලක් ඉගෙනගත්තේ ඇයි යනුවෙන් අසයි. ඔබට රැකියාවක් ලැබේද මෙම උපාධිය කළහොත් යනුවෙන් ඔවුන් ඔබ ගැන ප්‍රශ්න නගයි. ඔබේ සිහිනය සිහිනයක් නොවන ට සැමවිටම මතක තබාගන්න. එය සැබෑවක් වන දිනයක් නුදුරුව දීම අපේක්ෂා කරන්න.සිහින යනු තාවකාලික චිත්‍රපටයකි. නමුත් එය සැබෑ වන චිත්‍රපටයක් බැව් මතක තබා ගන්න.අද එය ඔබ අභිමුව චිත්‍රපටයක් වුවද,නමුත් එය නුදුරු දිනකම ඔබ හමුවේ රඟදැක්වෙන සැබෑ චිත්‍රපටයක් වනු ඇත.සිහිනයක් යනු ඔබ අභිමුව සැබෑ වන චිත්‍රපටයක් වේ.එදින සැබෑ රඟ දක්වන්න වන්නේ ඔබයි..  
" මට විශ්වාස කරන්න අමාරුයි ,ඒ දේ මේ වෙලාවේ සිද්ධ වෙමින් තියෙනවා කියලා.
හොලිවුඩයේ සම්මානය ලබාගන්නා මොහොතේදී ඔහු ප්‍රකාශ කරන ප්‍රකාශය තුළ ගම්‍යමාන වන්නේ,ඔබ කිසිම දිනකත් ඔබේ සිහින සැබෑ ම දිනක, එය විශ්වාස නොකරනු ඇත.සැමවිටම ඔබ විශ්වාස කරන්න.ඒ මන්ද ඔහු පවසන්නේ,ඔබ සැමවිටම ඔබව විශ්වාස කරන්න,එකී විශ්වාසය ඔබව මාස කළ නොහැකි ජයග්‍රහණක් කරා රැගෙන යයි.
 ඔහු අවසන් වරට පවසන්නේ,
" සිහින කියන්නේ අපි විශ්වාස කරන්න ඕන දේවල්.මං මගේ හීනෙ අත් හැරීමට ඉතා ආසන්නයේ සිටියේ ,
ඔහු මෙයින් පවසන්නේ අධිෂ්ඨානශීලිව තමාගේ සිහිනය උදෙසා අවසාන මොහොත දක්වා තරග කළ යුතු බවයි.ඔහු සිහින අතහැරීමට ආසන්න මොහොතේ සිටියා වුවද ඔහු කිසි දිනක සිහිනය අතහැරියේ නැත.මෙයින් ඔහු ලොවට ලබා දෙන පාඩම එයයි.කිසිම දිනක ඔබ ඔබේ සිහිනය අත් නොහරින්න.මන්ද එය හීනයක් වන්නේ ඔබ එය අතහැරී මොහොතේදීය .
"ඔයාට මං කියන්නේ සිහිනය අතාරින්න එපා .ඒවට පණ දෙන්න .
සිහින නැවත පණ ගැන්වීමේ ශක්තිය සෑම සිහිනයක් වෙත යන පුද්ගලයකු තුළම ඇත.සිහිනය වෙත ළඟා වන සැබෑ පුද්ගලයා එය කිසිම දිනක අත් නොහරී. බාධක දහසක් මැද්දේ හීනයට පණ පොවමින් ,එය සුණු විසුණු නොකරන ලද යදමක් බවට පත් කරමින් ඉදිරියටම ගමන් කර සිහිනය තම දෑස් අභිමුව විජයග්‍රහණයක් බවට පත් කරයි .ඔබ කිසිම දිනක ඔබේ  සිහින අත්නොහරින්න. සිහිනයක් වන්නේ අත්හැරීම තුළ පමණි. අත් නොහැර ඊට පණ දීම තුළ සිහිනය කෙදිනක ඔබ ඉදිරියේ ජයග්‍රහණයක් වේවි.
  
පී.එස්.නේෂලා
මනෝ විද්‍යා විශේෂවේදී දෙවන වසර                                                                                                                      
දර්ශන අධ්‍යයනාංශය                                                                                                                                                   
සාමාජීය විද්‍යා පීඨය