Image
 ජීවිතේ යථාර්ථය දැන හැඳින ගත් කලාකරුවා.දෑසට උරුම කඳුළක සේයාවක් ,හදවතට උරුම ආදරයත් ගීයට කළ ඔහු ආදරයේ මිහිරි පණිවිඩය මියුරු පද වලට  ප්‍රාණයක් විය එකී සප්ත ස්වරය ආදරයට තවත් වටිනාකම්  එක්කාසු කරවිය.
ආදරය යනු පුද්ගලයකුට සිය ජීවිතයේ ලබන සොඳුරු අත්දැකීමකි.විටෙක ජීවිතයේ මිහිරිතම අත්දැකීම විය හැක.එකී ආදරය හරි අපූරු පද වැල් මත දැහැන් ගත වෙන්නට විටෙක ඔහුගේ මියුරු ගී නද  ආදරයට අනංග හිසරක්   විය. 
ජීවිතයේ වෙන්වයාම යථාර්ථය ඔහු සමස්ත හෙළ ජනයා වෙත ම ම ප්‍රවිෂ්ට කළ යථාර්ථයක් විය .ඔහුගේ ගී මගින් එම සත්‍යය මුළු ලෝකයටම ප්‍රකට කළේය .මරණ යනු උපත ලද සැමට උරුමයකි.එය අප උපත ලද දිනම අප ලබන තිළිණයකි.මෙම දිනය කෙදිනක උරුම වන්නේ දැයි අප කවුරුත් නොදනී.නමුත් ඔහු එකී යථාර්ථය මැද  ,සිය ජීවිතය තුළ එකී යථාර්ථය ප්‍රගුණ කළ අයෙකි.  
Image
ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන්  ලයේ.
මරණයෙහි යථාර්ථය සිය කවීන් වෙත ගෙන එමින්,යථාර්ථයක දෙයක් කළඹ වන්නට ඔහුගේ මිහිරි තනු ,ජීවිතය පිළිබඳව ද යථාර්ථවත් පාඩමක් විය.
ඔහු දෑත් ලයෙහි පටලාගෙන ලොව නියත දහමක් වූ මරණය වෙත පිවිස ඇත .නමුදු ඔහුගේ ජීවන යථාර්ථයේ හඬ තවමත්  ලොව නියත දහමක යථාර්ථය  ම්වව්.
ජීවිතය හරියට මලක් වගේ ,ජීවිතය නමැති මලද පර වන දිනක් කෙදිනක හෝ එන බව ඔහු හඬගා කියයි."මිලාන වී ගිය රෝස කුසුම් පෙති,තවමත් එකී යථාර්ථය හඬගා කියාවි.
මරණය යනු අප කිසිවෙකුට නොදන්වා යන ගමනකි.එය උදා වන්නේ කෙදිනක දැයි අප කවුරුත් නොදනී.එකී අපූරු ගමන යන්නේ අප තනිවය .ඔහු ඒ ගමන තනිව ගොස් ඇත .නමුදු ඔහුගේ යථාර්ථය තවමත් ලොවට හරි අපූරු පාඩමක් කියා දේවි.
මැරෙන මිනිසුන් ලෙස  සිතා ජීවත් ජීවත්වීමයි අප කළ යුතු වන්නේ,එකී යථාර්ථය උදාවන්නේ කෙදිනක දැයි අප කවුරුත් නොදනී.නමුදු එකී යථාර්ථය දැන හැඳින ගත් කල,එය දිවි මංසල ඒකාලෝක කිරීමට සාර්ථක පහන් ටැබක් වේවි .අස්ථිර බව කතරේ ඔබ කිසිදා මුලාවෙකු නොකරාවි.
 
ඉතින් ආදරණීය හෙළ
සහෘදයාණෙනි ඔබට නිවන් සුව.                                                               
 
පී.එස් නේෂලා
මනෝ විද්‍යා විශේෂවේදී දෙවන වසර
දර්ශන අධ්‍යයන අංශය