නින්ද සහ සිතුවිලි...
- කවි
- Affichages : 6576

නොනිදන රැයක රන්තරු කැට පිබිදීලා
දොම්නස සඟව නෙත්වල කැන් අඩුවීලා
ගොම්මන අඳුර පුන්සද විත් සැඟවීලා
මොක්සුව මවන හැඟුමක සිත් සැනසීලා
වැට අග කුන්ද මල්පෙති රැය පිබිදීලා
දසදෙස සුවද වත්සුණු ලෙස තවරාලා
නිසසල බිඳින හැඩුමක වන කැළඹීලා
දෙසවන මැදට උලමෙකු නද පැතිරීලා
හිනැහෙන ළපටි කඩුපුල් මල් ඇඹරීලා
දැකුමට එළිය සුදුසද වෙත ළංවීලා
අඳුරක පැහැය බියකරු බව පිටුපාලා
රැයකට අහස අසිරිය සිත සැනසීලා
සිත්මල් පුබුද හැඟුමන් යළි සිහිවීලා
මන්මත් විලෙස සිතුවිලි එකිනෙක පාලා
සක්මන් කෙරුව මතකින් නෙත නැවතීලා
සුසුමක් රැගෙන නෙතුපිළි යයි පියවීලා
නිම්නදි ජයවර්ධන
පළමු වසර
මානව ශාස්ත්ර පීඨය
18 juillet 2022
අකල් වැස්සට තෙමුණු මලක්...
26 septembre 2022
තව නොදුටු කිරි සිහිනේ
16 août 2022
ඔබයි මගේ කුස...
15 mai 2023
කුවේණියේ
15 novembre 2022
ගැඹුරු හුස්මක්
23 septembre 2022
තනිකම
6 juin 2023
සඳළු තලයෙන් නික්මෙමි..


