සඳ අයිති අහසට ආදරෙන්..
- කවි
- Affichages : 8658

කරන් උන්නා හිතන් උන්නා
සඳ මගේ බව දන්නෙ නැතිවම
කාගෙ කොතැනක කුමන නෑකම
කියන්නද මම දිය යුතුද වග
නොදැක්කෙමි ඒ සෙනෙහෙ
නොදැනුනෙමි ඒ සෙනෙහෙ
වෙන කෙනෙක්ගෙන් සසරේ
ඒකමයි ඔහු උනේ මගේ මුලු ජීවිතේ
පුරුෂයෙක් නොහිටියත් කරකාර බැඳගත්ත
ඔහු මාව බැඳ ගත්තා ජීවිතේ මුල් වරට
ප්‍රේමයද රාගයද ඉගැන්වූ ඔහු මෙමට
ඉතිං මගෙ මුල් සැමියා විය නොහැකි ඇයි ඔහුම
රෑ නිදාගනිද්දිත්
පාන්දර නැගිට ගත් විටත්
ඔහුට මා මටද ඔහු
නැතුව බැරි උන විටෙක
අද කොහොම ඉන්නවද
දන්නෙ නෑ අපි දෙතැන
සඳේ අයිතිය ඇත්තෙ නුඹට බව සන්තකෙන්
නොදැන උන්නත් මෙමා පෙම් කලා උපරිමෙන්
ඒකමයි අද සොවින් මැරි මැරී උපන්නෙත්
තාම ඔහු නුඹේ බව නෑනෙ හිත පිළිඅරන්
තේරුනේ නැති උනත් කරපු බව ගොන්කමක්
නුදුන් කිසිවක් නොමැත ඔහුට මම ආදරෙන්
හැරගියත් ඔහු මාව යන බවක් නොකියාම
එනතුරා බලන් ඉමි නෙත කඳුළු පුරවාන
බැරි උනත් පිළිගන්න
මැලි උනත් පුද දෙන්න
පිළිතුරක් තබා ගොස් ඇත මෙමට පිළිගන්න
සඳට මා පෙම්කලත් සඳ එසේ නොකල බව
දැන් තමා තේරෙන්නේ සඳ අයිති නුඹට බව
බී.ලක්ෂිකා මදුශානි
විශේෂවේදී තෙවන වසර
වාග්විද්‍යා අධ්‍යයනාංශය
මානවශාස්ත්ර පීඨය
30 août 2022
පහන් සිළ
15 novembre 2022
රතු වුණු දෑස්
1 février 2023
සතියකින් ආපස්සට
7 septembre 2022
මගේ පැල්පත
18 juillet 2022
Horror Awakening
16 août 2022
කවකටුව සහ පැන්සල
10 août 2022
I really wonder…


