නුඹට පුළුවන්ද මගදි හැරෙන්න!
- කවි
- Affichages : 5778

රාධා,
නුඹේ නළලත තිලක තියලා
පිච්ච මල් මාල ගෙල බඳින්න
දෙනෙත වෙත එන කේශ රැලි ගෙන
සීරුවට කන් උඩින් තියන්න
කෝලම් රටා ඇඳි නිවසෙ බිම හැම තැන
තුරුලු වී බදාගෙන නටන්න
සත්තමයි අපි හීන දැක්කා
ඉතින්,
නුඹට පුළුවන්ද මගදි හැරෙන්න
"චන්දිරන් නැගෙන තුරු අපි තුරුලු වෙලා ඉමු
ලැයිමෙ කෝවිලට ගොස් බාරෙකුත් වෙලා එමු
අප්පලා කැමති වෙයි එතෙක් ඉවසලා ඉමු
හැමදාම අඳුරු නෑ ඉතින් අපි බලා ඉමු"
නුඹ එදා කියු වදන් මගෙ සවන් වැකීගෙන
අදත් දෙනෙතට කඳුලු ඉනුවා
දෙමාපිය කැමැත්තට වෙන ලොවක් සොයාගෙන
ඉගිලිලා නුඹ දුරක ඇදුනා
"ඔයා හරි රාධා හැමදාම අඳුරු නෑ"
මගෙ හිතත් හඬ නගා කීවා
අපෙ මතක එකින් එක සැන්ඩි කරගෙන තනිව
මැණික මම අදත් අක්මාව දියකෙරුවා!
දසුන් පෙරමුණ,
නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යන ඒකකය,
ලලිත කලා අධ්‍යන අංශය,
මානව ශාස්ත්‍ර පීඨය.
6 juin 2023
කෙල්ලෙක් හින්දා
7 septembre 2022
ඇය!
7 septembre 2022
කැලණි හඳ
7 décembre 2022
දොරටු විවර කරේ නුබයි අප්පච්චි අහස් මාලිගා තනන්නට ........
13 septembre 2022
නිහඬ නැගණිය
9 janvier 2023
අම්මා
3 août 2023
සරසවි ආදරය


