අප්පච්චිට
- කවි
- Affichages : 5590

ල් අරණ ගිනි අරන් ඒ ගිනි අහිංසක හදවත් දවද්දී
වෙඩි හඬින් උතුරේ සුළං හඬ සිදුරු වීලා කෑ ගසද්දී
රටක් හඬවා තැනින් තැන මිනිසුන්ගෙ අත පය කැඩී යද්දී
තුවක්කුව ගෙන පෙරට ගිය නුඹ සිහිව කඳුලක් නෙතින් වැටුණී
කුඩා කළ මගෙ ලෝකයේ වීරයා වී ළඟ නොසිටියාට
සිතට බිය ආ විටදි තුරුලේ සනසන්න ළඟ නොසිටියාට
ජීවිතේ කඩඉම් පනින විට දකින්නට ළඟ නොසිටියාට
හදේ ගැඹුරේ නුඹේ රූපය තියෙනවා අද නොසිටියාට
ජීවිතේ සුන්දර ම කාලය මා එක්ක නුඹ නොගෙව්වාට
කටු පඳුරු, වන වඳුල් අස්සේ නුඹේ ශක්තිය දිය කරාට
"සියල්ලට පෙර මගේ රට වටිනවා" කියලා පෙන්නුවාට
ජාති ජාතිත් නුඹේ පා යුග වඳිමි අද ළඟ නැති උනාට
දන්නවද ලියුමක් එද්දි පෙර මගට හනිකට දුවනවා
නුඹේ අකුරින් එවා ඇතිදැයි කවරෙ හොඳ හැටි බලනවා
එසේ නැති බව දුටුව විට හිත තාම හොඳට ම රිඳෙනවා
රණවිරුවෙකුගෙ දුව නිසා මම කඳුළු සඟවා ගන්නවා!
දසුන් පෙරමුණ
30 août 2022
අතීතයේ මතක
18 avril 2023
Create
3 août 2022
අප්පච්චි
6 juin 2023
සඳළු තලයෙන් නික්මෙමි..
13 septembre 2022
නේමඬල “Young Journalist” අපි
16 août 2022
හරි පුදුමයි...හරි පුදුමයි...
3 août 2023
සරසවි ආදරය


