හෙළ වාස්තු රහස් හෙළිකළ පුරාණ මයිමතය…
- ගවේෂණ
 - Affichages : 2982
 

අද වර්තමාන සමාජයේ ජීවත්වන නවීන ලෝකයාට හැඩගැසුණු හුදෙක් සුඛ විහරණය පමණක් අපේක්ෂා කරන මිනිසුන් තුළ කතාබහට ලක් නොවන නමුත්,අපේ දේ රැක ගෙන ඉදිරියට යන මෙම අදහස් වලින් ශේෂ වූ ගැමි සමාජයක් අප රටේ තවමත් ජීවත්ව සිටිති. එවැනි පිරිස හොදින් දන්නා හදුනන මාතාවක් ලෙස වාස්තු ශාස්ත්‍රය පෙන්වාදිය හැකිය. ඇත්තෙන්ම, වාස්තු ශාස්ත්‍රය යනු කුමක්ද? වාස්තු විද්‍යානුකූල ව නියමාකාරයෙන් නිවසක් සැලසුම් කරගන්නේ කෙසේද? යන්න අප කාටත් මුලින්ම ඇතිවන ගැටලු කීපයකි. මෙවැනි ගැටලු වලට නිවැරදි පිළිතුරු ලබා දීමට නිර්මාණය වූ මූලාශ්‍ර ග්‍රන්තයක් ලෙස පුරාණ මයිමතය හදුන්වයි. අතීතයේ උගත් පාඩම් අනාගතයට පාර පෙන්වයි යනුවෙන් අප පවසන්නේද එම නිසාවෙන් වීමට පුලුවනි.
වාස්තු ශාස්ත්‍රය යන්නෙහි අරුත් හැදින්වීමට අදහස් බොහෝමයක් ලබා දිය හැක. වාස්තු විද්‍යාව මෙය හදුන්වන්නේ “පණ ඇති ජීවින් වාසය කරන වාසභූමියක් ලෙසයි” තවද බුදුන්වහන්සේ වදාළ සන්යුක්ත නිකායේ සදහන් වන්නේ “භරියන් බ්‍රෑසි කුලාවකන්” ලෙසයි. එනම්, බිරිද (අම්මා) යනු කැදැල්ල ලෙසයි. මේ අයුරින් මවක් තම දරුවන්ට ආදරය, සෙනෙහස, රැකවරණය මේ සියල්ල ලබා දෙනවා සේම නිවසක් යනු මේ සියල්ල එකට එකතු වන තැනක්, එසේනම් එවැනි තැනක් නිර්මාණය කළයුත්තේ ඉතා ප්‍රවේශම් සහගතවයි. අපේ වර්තමාන ඉන්ජිනේරුවන් නිවාස සැලසුම් කිරීමේදි මෙම වාස්තු ශාස්ත්‍රය භාවිතයට ගන්නේ නැත. ඔවුන් උගත් දේ අනුව එය නිර්මාණය කරයි. එනමුත් අපේ අතීත වඩුවා මේ ශාස්ත්‍රය පිළිබද දක්ෂතාවයෙන් කෙළ පැමිණි අය වේ. මෙම පුරාණ මයිමතය යන්නද එවැනි ග්‍රන්තයකි. මෙය වාස්තු විද්‍යාව ඉගෙන ගැනීමේ මූලාශ්‍ර ග්‍රන්තයකි. මෙය බොහෝ පරිහානියට ලක් වෙමින් පැවතියදී ජේ. ඇන්. කුරේ මහතා විසින් සම්පාදනය කර ඇත. මෙම පුස්තකය පිටු 36 කින් සමන්විත කාව්‍ය ආකෘතියට සැකසුණු ග්‍රන්තයකි. කවි පන්ති 283 කින් සමන්විත වේ. මෙය “පුරාණ වඩුවාගේ අත්පොත”ලෙසද හදුන්වයි.

මෙම මූලාශ්‍ර ග්‍රන්තයේ අන්තර්ගත වන්නේ නිවසක් නිර්මාණය කිරීමට භූමියක් තෝරා ගැනීමේ සිට එහි අවසානය දක්වා නිර්මාණය කිරීමේදී සිදුකරන සිරිත් විරිත් චාරිත්‍ර වේ.එම කරුණු කවියෙන් විස්තර කරදීමට මෙම ග්‍රන්තය සමත් වී ඇත. නිවසක් නිර්මාණය කිරීමේදී දැව සම්පාදනය කිර්‍රිම පිළීබදව මෙහි දක්වයි. එහිදී ගස්කපා ගන්නේ කෙසේද? එමගස් කැපීමේදී වැටෙන දිශාව අනුව එය සුභද/අසුභද යන්න මෙහි පෙන්වා දෙයි. එවැනි කවියක් පහත දැක්වේ.
“නැනෙගහිරට වැනුණොත් ඒ කැපු ග ස
සිකුරු ගෙය සැගවි උන්නන් එලි බැ ස
රුදුරු මරු ඇවිත් පැමිණි ගෙයට බැ ස
ඉතුරු නොකර පනනල ගෙනියයි තො ස”
ඉහත කවි යෙන් විස්තර වන්නේ ගස කැපීමේ දී නැගෙනහිර දිශාවට වැටුණොත් එය සිකුරු නිවසේ එලි බසින බවයි. එමගින් රුදුරු වූ මාරයා ඇවිදින් ප්‍රාණය ඉතිරි නොකර රැගෙන යයි යනුවෙනි. එනම් එයින් පවසන්නේ නැගෙනහිර ට වැටෙන්නා වූ ගස් දැව ගැනීම අසුභ බවයි.මෙලෙස වූ තව කවියක් මගින් නොයෙක් පනුවන් කෑ ගස් දැව සදහා ගැනීම තුලින් නිවසේ ගෙහිමියාට එය දෝෂ සහගත තත්ත්වයන් ගෙන දෙන බව පවසයි.
“පනුවන් කාපු ග ස
මගුල් කපයට නොව ස
ගෙ ඇති හිමියෙකු ස
උදර රෝගය පැමිණෙ පෙර බ ස” ගැ
යනුවෙනි. එපමණක් නොව මෙම ග්‍රන්තය තෝරා ගැනීමේදී නොයෙක් රියන් වර්ග පිළිබද විස්තර කරයි. එනම්, 9 රියන්, 10 රියන් හා 21 රියන් ආදී වශයෙන් සදහන් කරයි. තවද, භූමියන් ගේ හැඩ වර්ග 16 ක් පෙන්වා දෙන අතර එම එක් එක් භූමි වර්ග අනුව එම භූමියට සුදුසු වූ ගොඩනැගිලි පෙන්වා දෙයි. පහත කවියෙන් විස්තර වන්නේ එවැන්නකි.
“බමුණු කාර බිම ලකුණු අසන් නේ
ඊතණ පැලවෙයි ඉදුරු දිගින් නේ
ඒ බිම දේවාලයට ඔබින් නේ
බමුණුකාර බිම් ඉන් දැන ගන් නේ”
එහි පෙන්වා දෙන්නේ දේවාලයට ඔබින්නේ ඉදුරු දිශාවේ හෙවත් නැගෙනහිර දිශාවේ ඊතණ පැලවෙන භූමියි. එය” බමුණුකාර බිම් “ලෙස එම භූමිය පෙන්වා දෙයි. එසේනම් මේ අයුරින් තව බොහෝ සුභ /අසුභ වූ ක්‍රම මෙම පුරාණ ගෙවල් සෑදීමේ ක්‍රම වූ “පුරාණ මයිමතය” විස්තර කර දේ. පුරාණ වඩුවා විසින් වඩුරියනක් පිළියෙල කරගත්තේ කෙසේ ද? භූමියෙහි වැවෙන වෘක්ෂ වර්ග අනුව ඒවා සුදුසුනු සුදුසු ද යන බව මේවා පෙන්වා දෙයි. මෙලෙස ලියවුණු මූලාශ්‍ර ග්‍රන්ත අතර වාස්තු ශාස්ත්‍රය ඉගෙන ගැනීමට ඇල්මක් දක්වන ඕනෑම ආදුනිකයෙකුට මෙමගින් බොහෝ දේ උගත හැකිය. අප කළ යුත්තේ මෙවැනි ග්‍රන්ත තවදුරටත් සංස්කරණය කර ගනිමින් අනාගත පරපුරට දායාද කිරීමට එකසිතින් කටයුතු කිරීමයි.
ඩබ්. පූර් ණා සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය.


                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                