භාෂා සැලසුම්කරණයක අවශ්‍යතාව
- ගවේෂණ
- Affichages : 1747
ලොව ක්‍රියාත්මක කරන්නා වූ සියලු කර්තව්‍යන් සඳහා සැලසුම්කරණයක් ඇති සේම මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද වූ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාවට ද සැලසුම්කරණයක් ඇත. භාෂා සැලසුම්කරණය යනු භාෂාව සම්බන්ධ වූ ශබ්ද, අක්ෂර, වාග්කෝෂ, ව්‍යාකරණ පිළිබඳ සැලසුම්, සංශෝධන ආදිය සම්බන්ධ වූ කාර්යදාමයක් වන අතර එය බොහෝ සෙයින් රජයකට අත්‍යවශය සාධකයක් වේ.
රටක සමාජ සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කෙරෙන සැලසුම් රාශියක් පවතී. මෙහිදී අධ්‍යාපන ආර්ථික රැකියා අවස්ථා හා පවුල් සංවර්ධන ආදී විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ සැලසුම්කරණයක් සකසා ක්‍රියාත්මක කීරීම් දක්නට ලැබේ. සමාජ සේවකයන් විවිධ උපයෝගීත්වයන් සඳහා භාෂාවෙන් ඉටුකෙරෙන මෙහෙවර ඉහළ මට්ටමක පවතින අතර හිතකර සමාජ සංවර්ධනය පිණිස වන දායකත්වය සඳහා මෙම භාෂාව හෝ භාෂාවන් සංවර්ධනය උදෙසා දායක කළ හැකි ශක්තිය කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතු වේ. භාෂාව හෝ භාෂාවන්හි උපරිම ඵලදායීත්වය ලබාගැනීමට නම් භාෂා සඳහා සැලසුම් සකස් කර ඒවා ක්‍රියාත්මක කළ යුතු වේ. භාෂාව අදහස් හුවමාරු කිරීමේ ප්‍රධාන මාධ්‍යයයි. ඒ අනුව භාෂාවේ කාර්යයන් බොහෝය. අදහස් දැක්වීම, දැනුම හුවමාරු කිරීම, මෙහෙයවීම, සංවිධානය, පාලනය හා එක්ව ක්‍රියා කිරීම ආදී භාෂාවේ කාර්යයන් ලෙස පෙන්වාදිය හැකිය. ඒ අනුව භාෂාව සැලසුම් කිරීම මගින් කාර්යයන් කිරීමේ පහසුව ඇති වේ. එම නිසා භාෂා සැලසුම්කරණය කරනු ලබයි. ඒ අනුව භාෂාව සැලසුම්කරණය අද වන විට ලෝකය පුරා ව්‍යාප්තව පවතින විෂයක් ලෙස නම් කළ හැකිය. මෙම භාෂා සැලසුම්කරණය මහා පරිමාණ භාෂා සැලසුම්කරණය, මධ්‍ය පරිමාණ භාෂා සැලසුම්කරණය, සුළු පරිමාණ භාෂා සැලසුම්කරණය වශයෙන් කොටස් කර පෙන්වා දිය හැකිය. මිනිස්සු දේශපාලනික, ආර්ථික, සමාජමය හා සමාජ සංස්කෘතික කටයුතු යටතේ ද මහා පරිමාණ භාෂා සැලසුම්කරණය, මධ්‍ය පරිමාණ භාෂා සැලසුම්කරණය හා සුළු පරිමාණ භාෂා සැලසුම් කරන දක්නට ලැබේ.
භාෂා සැලසුම්කරණය අයත් වන්නේ භාෂා අධ්‍යයන විෂයෙහි ව්‍යවහාරික හා සමාජ වාග් විද්‍යා කොටසටය. භාෂා ක්‍රියාකාරීත්වය උපරිම ඵලදායිතාවකින් ලබා ගැනීමටත් එහි සර්ව පූර්ණත්වයක් ඇති කිරීමටත් විවිධ සමාජ සේවා හා භාෂා තෝරා ඒවා ස්ථාපිත කිරීමටත් සරල භාෂා භාවිතයටත් සංකීර්ණ අදහස් ව්‍යක්තව ඉදිරිපත් කළ හැකි සේම එය නව්‍යකරණය කිරීමටත් භාෂා සැලසුම්කරණය තුළින් ඉමහත් පිටුවහලක් ලබා ගත හැකිය. විවිධ සමාජ සේවා සාර්ථකත්වය සඳහා ද භාෂාව ක්‍රමවත් කළ යුතු වේ. නිදසුනක් ලෙස අධ්‍යාපන ආයතන, රාජ්‍ය ආයතන ආදී අංශ සලකා බලමින් කටයුතු කිරිමේ දී මාධ්‍ය සඳහා යොදා ගන්නා මාධ්‍ය භාෂාවන් සංවර්ධනය කිරීමේ දී රාජ්‍ය භාෂාඥයන් හා ඒකාබද්ධව කටයුතු කළ යුතු වීම සමාජ කණ්ඩායම් හි දායකත්වය හා උනන්දුව ද මෙහිදී වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ භාවිතා වන සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා මාධ්‍යයන්ගෙන් රාජ්‍ය ආයතන කටයුතු කීරීම සඳහා අවශ්‍ය යෝග්‍ය පසුබිම් මනාව සකස් කළ යුතුව පවතී. ඊට භාෂා සැලසුම්කරණය මඟපෙන්වීම ලබාගත හැකිය. විද්‍යාත්මක දියුණුව සමග මතු වන අවශ්‍යතාවයන්ට අනුකූලව සිංහල, දෙමළ පාරිභාෂික වචන මාලා සකස් කිරීම අත්‍යවශ්‍ය වූවකි. වාග්කෝෂය පෝෂණය, මූලික වචන සංහිතා අඩංගු ග්‍රන්ථ එළිදැක්වීම ආදී කටයුතු ද සිදුකළ යුතුව පවතී. මේ කාර්යය සඳහා භාෂා සැලසුම්කරණය අදාළ කරගත හැකිය. භාෂාවේ වෙනස් කම් ඇති කිරීම භාෂා ක්‍රම සම්පාදනයේ එකම අරමුණ නොවේ. සමාජ සංවර්ධනය උදෙසා වන සැලසුම් ක්‍රියාත්මක කිරීම ඒවා සවිමත් ලෙස ස්ථාපිත කිරීම ආදී ක්ෂේත්‍රයන් කරා ඒ අරමුණු ව්‍යාප්ත විය. රටක, සමාජයක උද්ගතවන භාෂාත්මක ගැටලු විසඳීම සඳහා භාෂා සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වේ. භාෂා ගැටලු නිරාකරණ කිරීමට පාදක වන සේ ම භාෂා ප්‍රතිපත්ති වෙනස් කිරීමට සිදුවේ නම් එය භාෂා සැලසුම්කරණය අභිමතය සාර්ථක වීමකි.
එපමණක් නොව භාෂා සැලසුම් ක්‍රියාත්මක කිරීම්, ස්ථාපිත කිරීම ද එහි අපේක්ෂිත ඉලක්කයක් වන අතර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණය අත්‍යවශ්‍යයෙන් ම විවිධ ජන කොටස් හී සිතුම් පැතුම් වලට මෙන්ම ඔවුන්ගේ යහපත සඳහා ද එකඟ වන්නක් විය යුතු වේ. ජනගහනයෙන් සුළුතරයක් භාවිතා කරන භාෂා නොසලකා හැරීම සම්බන්ධව විශේෂ අවධානයට ලක්විය යුතුය. භාෂා ගැටලු සමතයකට පත් නොවන්නේ නම් භාෂා සැලසුම්කරණයේ ප්‍රායෝගිකත්වය සාර්ථක අසාර්ථකත්වය නොපෙනෙන්නේ නම් එහි යම් යම් අඩුලුහුඩු කම් පවතින බව පැහැදිලිය. එවිට එකී හේතු සොයා බලා භාෂා ප්‍රතිපත්ති සංශෝධනය කළ යුතු වේ. භාෂා සැලසුම්කරණය ප්‍රධාන අරමුණු වනුයේ සමාජයේ සන්නිවේදන ඇතුළු බොහෝ කටයුතු කාර්යක්ෂම භාවයට පත්කර පත් කර ගැනීම සඳහාත්, අර්බුද අවම කර ගැනීමේ ගැනීම සඳහා සුදුසු භාෂාවක් තෝරා ගැනීමයි එසේම හෝගන් විසින්(E. Hugen, 1996) දක්වා ඇති ආකාරයට "භාෂාවේ ප්‍රතිසංස්කරණ හා සම්මතකරණය භාෂා සැලසුම්කරණය තුළ අධ්‍යයනය කරේ. තවද කිසියම් භාෂක සමාජයක පවතින්නා වූ භාෂා භාවිතය මගින් ඇතිවන ගැටලු සඳහා ජාතික මට්ටමින් විසඳුම් ලබාගැනීම සිදු වන්නේ භාෂා සැලසුම්කරණය මගින් බව Fishman, 1983 පෙන්වා දී ඇත. 1950/60 දශකවල දී ආරම්භ වූ භාෂා සැලසුම් කරන විශේෂ සංකල්පය ව්‍යවහාරික වාග් විද්‍යාවේ සහ විද්‍යාව සහ සමාජ වාග්විද්‍යාව දියුණු වීමත් සමග ප්‍රභවය වූවකී. එයට හේතුව වූයේ සම්පත් සංවර්ධනය හා සැලසුම්කරණය පිළිබඳ මිනිසාගේ අවධානය යොමු වීමය. විශේෂයෙන් ම භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්ද සැලසුම් කළ හැකි බව අවබෝධ වීමත් සමගය.
භාෂාව වූ කලී මිනිසා විසින් නිර්මාණය කර ගන්නා ලද විශිෂ්ටතම මානව සම්පත වන හෙයින් භාෂාව ද මනා ලෙස සැලසුම් කරනයට ලක් කළ හැකි සේම භාෂා සැලසුම්කරණය භාෂක සමාජයකට අවශ්‍යම සාධකයක් බව පෙන්වා දිය හැකිය.
ඩබ්.ඩබ්.එච්.වඩුගේ
සිවිවන වසර
වාග්විද්‍යා අධ්‍යනාංශය