කාලීන

Previous Next

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

ගැහැණිය මෙලොව අපූරුතම නිමැවුම් අතර ඉහළින්ම සිටී. ඈ විටෙක ආදරයෙන් පිපෙයි. ආදරයෙන් සුවඳවත් වෙයි. ආදරයෙන් පැහැගැන් වෙයි. ආදරේ නාමයෙන් පරව යයි. එසේම කාන්තාවක් ලොව ජීවනාලිය බඳුය. ලෝකයට ජීවය දෙන්නිය, ලෝකය හැඩ කරන්නිය, ලෝකය සුන්දර කරන්නිය වන්නේ ඇයයි. දියණියක,මිතුරියක, සහෝදරියක, බිරිඳක, මවක ලෙස ඇය ලබා දෙන්නාවූ සේවය මිල කළ නොහැකිය. මෙවැනි සුවහසක් කාන්තාවන් වෙනුවෙන් පිදෙන උපහාරයක් ලෙස ජාත්‍යන්තර  කාන්තා දිනය සමරනු ලැබෙයි. සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා  වෙසෙන ජනතාව සෑම වසරකම මාර්තු 08 වනදා ලෝක කාන්තා දිනය සමරනු ලබයි. මෙම වසරෙහි එහි තේමාව වන්නේ “තිරසාර හෙට දිනක් වෙනුවෙන් අද දවසේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව” යන්නයි. එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය වර්ධනය වූයේ කම්කරු ව්‍යාපාරයක් හරහාය.

Previous Next

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

බුද්ධං සරණේ සිරස දරාගෙන

ධම්මං සරණේ සිත  පහදාගෙන

සංඝං සරණේ සිවුරු  දරාගෙන

ඉඤ්ඤයි තුන් සරණේ    අදහාගෙන...

Previous Next

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

කාන්තාව යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංකේතයයි. ගැහැණු දරුවෙකු ලෙස මෙලොව එළිය දුටු දිනයේ සිටම කාන්තාවන් විසින් විඳ දරා ගන්නා දෑ ඔබට අමුතුවෙන් පෙන්වා දීමට අවශ්‍ය නැත. එම කාන්තාවට සමාජයේ හිමි විය යුතු ගෞරවය එලෙසම ලබා දෙන බහුතරයක් දෙනා අතරේ එසේ නොකරන සුළුතරයක් අප අතරේ නැතුවාම නොවේ. විශේෂයෙන් මෙහිදී ඔබ ගෞරවය යන්න වරදවා නිර්වචනය කර නොගත යුතුයි.කාන්තාවට හිමි විය යුතු ගෞරවය යනු දුටු තැන අචාර කිරීමක්, අසුනෙන් නැගිටීමක් හෝ හිස නැමීමක් නොවන බව ඔබ හොඳින් වටහා ගත යුතු වේ. සමාජයේ පුරුෂ පාර්ශවයට හිමි සම ස්ථානය හා අයිතිවාසිකම් කාන්තාවටද ලබා දීම ඇයට හිමි විය යුතු ගෞරවයයි.

Previous Next

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

බුද්ධ දර්ශනය සහ බුද්ධාගම යනු එක හා සමාන ලෙස පෙනෙන නමුත් එසේ නොවන පැතිකඩ ද්විත්වයක් වන අතර එහිදී බුදු දහමෙන් බුද්ධ දර්ශනය නිසියාකාර ව වෙන් කර අවබෝධ කරගනු ලබන්නේ සුළුතරයකි. බුද්ධ දර්ශනය පුද්ගලයන්ගේ පරලොව දියුණුවට පමණක් නොව මෙලොව ලෞකික දියුණුව ළඟා කර ගැනීමට ද නිවැරදි මාර්ගෝපදේශවලින් යුක්ත ඉගැන්වීම් සමුදායකි. 

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

දෛනික මිනිස් අවශ්‍යතා සපුරා ගනු වස් අප විසින් භාවිත කරනු ලබන ප්‍රධානතම සන්නිවේදන මාධ්‍යය වන්නේ භාෂාවයි. එබැවින් එය මුළු මහත් මිනිස් සංහතියේම පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ අංගයකි. භාෂාව පිළිබඳව විවිධ අධ්‍යයනයන් සිදුවන යුගයක අප භාෂාවක් කතා කරන්නේ කෙලෙසද? අපට හැඟෙන සිතිවිල්ලක් ශබ්දවලට නඟන්නේ කෙසේද? ඇසෙන දෙයක් අප තේරුම් ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ මඳකට හෝ සිතා බලා තිබේද? ඉතා සුළු කාල පරාසයක් තුළ ක්‍ෂණිකව සිදුවන ක්‍රියාවලියක් ලෙස එය පෙනුණත් ආභ්‍යන්තරිකව එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. මිනිසාට පමණක් සුවිශේෂ වූ මෙම ශක්‍යතාව  ක්‍රියාත්මක වන ආකාරය ‘භාෂණ ක්‍රියාවලිය’ ලෙසින් හැඳින්වේ.

Previous Next

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

කලාව යනු මිනිසා බිහි වු මුල් අවධියේ පටන් අද දක්වා ම වෙනස් වෙමින්, නැවුම් වෙමින් පැවතගෙන ඵන දෙයකි. ඵයට සංගීතය, සිනමාව, සිතුවම්කරණය, සාහිත්‍ය ආදී අංග රැසක් අයත් වන අතර මේ වන විට රාජ්‍ය බල ව්‍යාප්තියට යොදා ගන්නා උපායක් ලෙස ද කලාව භාවිතා කරනු දැකගත හැකි ය. ඵ් අනුව සිනමාව හා මාලා නාටක රසවින්දනය නවමු මානයකට රැගෙන යන්නට ඇමරිකාවේ දැවැන්ත මාලා නාටක නිෂ්පාදන ආයතනයක් වන ‘Netflix’ සමත් වී තිබේ. අද වන විට ලොව බොහෝ දෙනෙක් කලා නිර්මාණ තිරගත කිරීමට මෙන් ම රසවිඳිමට මෙම වේදිකාව භාවිතා කරන අතර ඵ් සෑම නිර්මාණයක් ම පාහේ ලොව පුරා අතිශය ජනාදරයට පත්වන බව ද නොරහසකි.

Previous Next

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

ගැහැනිය යනු කවුරුන්ද? යමෙකුට ගැහැනිය යනු තම මව, සහෝදරිය හෝ තම හිතවතියක ගේ ස්ථානයේ සිට විග්‍රහ කොට දැක්විය හැක. අප ජීවත් වන සමාජය අනුව විශේෂයෙන් ම දැකගත හැක්කේ ස්ත්‍රිය සහ පුරුෂයා ලෙස විශාල බෙදීමකට සමාජය ලක්වී ඇති බව ය. ස්ත්‍රිය හා පුරුෂයකු යන දෙපළගේ එකතු වීම මත විවාහය නිර්මාණය වන අතර විවාහය මත සාර්ථක පවුල් ජීවිතය නිර්මාණය වේ. මීළඟට මතුවන ප්‍රශ්නය වන්නේ සාර්ථක  ලෙස විවාහ වූ පිරිස් සාර්ථක ලෙස පවුලක් ගත කරන්නේ ද? යන පැනයයි. අද වන විට, මේ මොහොත වන විට විවාහ වී දරුවා හෝ දරුවන් සමඟ හුදෙකලා වී මව්වරුන් පියවරුන්  කීදෙනෙකු ජීවිත ගත කරන්නේ ද

10 octobre 2023
3 août 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2025, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search