කාලීන

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

පත පොත කියවීම සහ ලිවීම විශ්ව විද්‍යාල විද්‍යාර්ථියාගෙන් දුරස්වීම ආරම්භ වනුයේ ශ්‍රී ලංකාවේ පවත්නා තරඟකාරී අධ්‍යාපන රටාවේ විභාග පටිපාටියත් සමඟය. මෙරට අතිශය තරඟකාරී විභාගයක් වන අ.පො.ස උසස් පෙළ විභාගය ඉතා ඉහළින් සමත් වන සිසු සිසුවියන් පිරිස පමණක් නිදහස් අධ්‍යාපනගේ වරප්‍රසාදයෙන් විශ්වවිද්‍යාලයට පිවිස නොමිලේ උපාධියක් හැදෑරීමට අවස්ථාව උදා කරගනි. විශ්ව විද්‍යාලයට පැමිණෙන විද්‍යාර්ථියා දැනුම හා යහපත් ආකල්පවලින් පිරිපුන් පුරවැසියෙකු ලෙස සමාජයට දායාද කළ යුතුය. වසර කිහිපයක් තිස්සේ තරඟකාරී විභාග ක්‍රමවේදයක් තුළ එල්බ ගෙන සිටි ශිෂ්‍යයින්ගෙන් මෑතකදී කියවපු නවකතාවක්, පරිවර්තන ග්‍රන්ථයක්, නරඹපු චිත්‍රපටයක් ගැන විමසුවහොත් අඛංඩව පොත පත් කියවපු, චිත්‍රපටයක් රසවිඳපු විද්‍යාර්ථියෙකු සොයා ගැනීම  ඉතා අසීරුය. ස්මාට් ජංගම දුරකථය හා සමාජ මාධ්‍ය තුළ ජීවත් වන විශ්වවිද්‍යාල විද්‍යාර්ථියාගේන් පොත් කියවීම, නව නිර්මාණාත්මක ලිපි, කෙටි කතා, කවි, නිසදස්, විචාර ලිවීම ක්‍රමයෙන්  දුරස් වීම අතිශය කණගාටුදායකය. මව් භාෂාවෙන් පමණක් නොව අනෙකුත් භාෂාවන්ගෙන්ද විවිධ නිර්මාණාත්මක කුසලතා  හා හැකියාවන් එළිදැක්වීමට සමාජයේ පිළිගත් උචිත ස්ථානයක් නොමැති වීමද පවත්නා තවත් අඩුපාඩුවකි. 

මෙකී අවශ්‍යතාවන් සඳහා ඉඩහසර වෙන් කරමින් විශ්විද්‍යාල විද්‍යාර්ථියාගේ නිර්මාණාත්මක සිතීමේ හා ලිවීමේ කුසලතා සහ හැකියාවන් ඔප්නැංවීමේ උදාර අරමුණින් එළිදැක්වෙන නේමඬල - යං ජර්නලිස්ට් පුවත්පත විශ්වවිද්‍යාල සයිබර් අවකාශයේ දිදුලන වෙබ් පුවත්පතක් ලෙස ස්ථානගත කිරීම අපගේ වෑයමයි. ලොව සෑම විශ්වවිද්‍යාලයකම විද්‍යාර්ථීන්ගේ නව සොයාගැනීම් හා නේක විධ කලාත්මක නිර්මාණ සඳහා වැදගත් ස්ථානයක් ලබා දේ. විද්‍යාර්ථීන්ගේ නිර්මාණ ඔවුන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත කිරීම නූතන ප්‍රවණතාවයකි. නමුත් නේමඬල වෙබ් පුවත්පත හරහා කැලණිය විශ්විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ නව සොයාගැනීම් හා නිර්මාණ එක තැනකින් නව මුහුණුවරකින් හා ඊට වටිනාකමක් එක් කරමින් සමාජගත වේ. 

අප විශ්විද්‍යාලයේ සියලුම විද්‍යාර්ථීන්ගේ නවක නිර්මාණ මෙතැන් පටන් සෑම සතියකම කැලණිය විශ්විද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ නේමඬල පුවත්පත හරහා ඔබ හමුවට පැමිණේ. කාලීන මාතෘකා ඔස්සේ ශාස්ත්‍රීය දැනුම ගවේෂණය කරමින්, විවිධ විද්වතුන් සම්මුඛ වෙමින්, විද්‍යාත්මක, සෞඛ්‍යමය හා සංස්කෘතිකමය දැනුම් ගබඩාවක් මින් ඔබට ලැබෙනු ඇත. විශ්විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ නිර්මාණ කැලණිය විශ්විද්‍යාල ප්‍රජාවටත්, සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත් කියවීමට ලැබෙන අතර ඉන් ඔබගේත් විද්‍යාර්ථීන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වඩා වර්ධනය වේවායි යන්න අපගේ පැතුමයි. 

 සංස්කාරක

10 octobre 2023
3 août 2023
6 juin 2023
6 juin 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2024, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search