ප්රේමය !
- කවි
- Affichages : 6181

පුද දිය යුත්තක් මිස...\
නැවත පෙරළා ඉල්ලිය යුත්තක් නොව....
කරුණාවේ සෙනෙහසේ උත්කෘෂ්ට පරිත්යාගයක් මිස...
වෛරයේ සංකේතයක් නොව සැබෑ ප්රේමය පෙම් එය වූ කලී නම්....
සසරින් සසරට බැඳීමකින් හමුවූ
සංසාරගත පවුරු වළල්ලේ තවත් එක් මග නැවතුමක් මිස...
හමුවීම නැවත වෙන්වීමද ප්රේමය විය හැකිය.
අත්පත් කර ගැනීම පමණක් නොව සැබෑ ප්රේමය වූ කලී නම්..
නොලැබෙන දේ අත්හැරීම ද ප්රේමයයි ....
නමුදු දුර හිඳ බලා හිඳ සැනසීමට සැබෑ ප්රේමයයි .
සසරින් සසරට සංසාර මග නැවතුම්පොළක්
එකිනෙකාට එතෙර වන්නට මග කියන
සොඳුරු ඉසව්ව සැබෑ ප්රේමයයි
එතෙර ඉමක් නොවන
දෙතැනක දෙහදක් අහම්බෙන් හමු වූ
අව්යාජ බැඳීමක ශක්තිමත් යදමකි
සැබෑ ප්රේමය වූ කලී නම්....
පී.එස් .නේෂලා
මනෝ විද්යා විශේෂවේදී දෙවන වසර
දර්ශන අධ්යන අංශය.
කලා පීඨය.
13 septembre 2022
නේමඬල “Young Journalist” අපි
18 juillet 2022
ගිනියම් හදවත්
10 août 2022
සබ්බං පහාය ගමනීයං!
16 août 2022
මං එනතුරු
6 octobre 2022
ගන්දබ්බයෙක් විය මා...
3 août 2023
ඔරලෝසු කටු...
25 octobre 2022
ගෙවී ගිය කොහුමිට


