කැලණිය විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය මගින් උපාධි අපේක්ෂකයින්ගේ කලා කුසලතා හඳුනා ගැනීම, ඔවුන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ කලා කෘති සමාජගත කිරීමේ අරමුණින් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරනු ලැබූ "රාව ප්‍රතිභා - 2023 නිර්මාණ සංග්‍රහය" එළිදැක්වීමේ උත්සවය විශ්වවිද්‍යාලයේ උපකුලපති විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් 12 වන දින පස්වරු 2.30 සිට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
සදැස්, නිසදැස්, කෙටිකතා ඒකරාශීකොට ප්‍රකාශයට පත් මෙකී සංග්‍රහය සදහා විශ්වවිද්‍යාලයේ පීඨ හයේම (06) සිසුන් නියෝජනය වී තිබීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතා, මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය සුදත් සෙනරත් මහතා, විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදත් ආර්.ඩී. කාලිංගමුදලි මහතා, කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදා හෙට්ටිගේ මහත්මිය, වෛද්‍ය පීඨයේ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ මහත්මිය, ICCMS හි අධ්‍යක්ෂ ආචාර්ය මංජුල ගුණරත්න මහතා, සහ අධ්‍යයන අංශවල අංශාධිපතිවරු සහ වරියන්ද කලා නිර්මාණ ඉදිරිපත් කළ උපාධි අපේක්ෂකයින් ද විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් ද සහභාගි විය.
එක් එක් පීඨයන්හි සිසුන්ගේ ගීත කිහිපයක් සහ නර්තනයකින් උළෙල ආලෝකමත් විය. එමෙන්ම නිවේදනය කටයුතු ද විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් විසින්ම සිදු කරනු ලැබීම ද විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ නිර්මාණ ඇගයීම සහ ඔවුන්ගේ සහභාගීත්වය මෙම උත්සවයේ දක්නට ලැබූ විශේෂත්වයයි.
"නිර්මාණශීලිත්වය සහ මානව දර්ශනය" යන මාතෘකාව යටතේ ආරාධිත දේශනය පවත්වනු ලැබුවේ සම්මානනීය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා විසිනි. මෙහිදී නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය අගයනු වස් කලා මණ්ඩලය මගින් පිරිනමන ලද වටිනා සහතිකපතක් හා නිර්මාණ සංග්‍රහයක් හිමි විය.