المقالات
රතු සහ ගැහැණිය
- කවි
- الزيارات: 5658

හීන් දාඩිය දමා ඇවිදි න්
දෙනෙත් අග කඳුළු සඟව න්
ඇගේ දෑඟිලි මයෙත හගවන්
රුහිරු මගේ අත සැඟ වුණා දෙන්
කන් අඩි පුපුරන්න මහා සද්දෙන්
මොර ගෑව විළි වේදනාවෙන්
චිරිස් ගා විසිරුණු ලේ දහරින්
මතු වුණා සිඟිත්තිය රතු පාටින්
ලෙයෙන් තෙත්වුණ කය දැකීමෙන්
මසිත ගොළු වුණු මොහොත මතකෙන්
නොමැකෙනා නුබේ සිනහ සද්දෙන්
ඇය සිනා සිනාසුනා කඳුළු අස්සෙන්
සුදු පාට අන්දලා උඩරට මනාලිට
දෑත ගෙන විත් තියා මා අත උඩ
දෝණි බාරයි කිව්වා පුතු හට
අම්මා රතු අන්දලාමයි ගත්තෙ මගේ ගෙට
රතු පාට තැවරුණු සුදු පාට මල් ගවුම
දැකකෙ නෑ කවුරුත් මා හැරෙන්න ට
රතු පාට ගවුමක් අන්දලා මම
ආදරේ සෙව්වා මම රතු පාට එක්කලම
සුමානේට තුන් වරක් දුටුවෙ නෑ මම හිනාවක්
දුටුවොතින් මා රතු වුණ ඈ ඉක්මනින්
හන්දියේ වූ අනතුරින් මියගියා එහි කිහිපයක්
ලෙයින් තෙත් වූ පාර දැක ඇදී වැටුණා තත්පරෙන්
කන්ද මුදුනට සඳ නැගී ඇවිදින්
මගේ ඇකයේ තුරුළු වීමෙන්
දෑස් නොවැසූ දෙතොල් අතරින්
බෙහෙත් කළයම බිඳ ලූ සතුටින්
දෙතොල් තැවරූ රතු සායමෙන්
වට්ටෝ වට කල රතු දුහුල් සළුවන්
පැහැරගන්නේ ම ලු සලෙළුන්
කීවේ ඈ රතු වූ ලෙසින්
දෝණි ලස්සනට පෙනුනේ ම රතු පාට ගවුම් ට
නැන්දම්මා කැන්දන් ගියේ මගේ රතු පාට ට
මම ඇනදේ සරස්වතිට සාරිය රතු පාට ට
හරි පූජනීයයි රත ට සිරිකත ගෙදර ට
හේමමාලී වඩුගේ
විශේෂවේදී තෙවන වසර
වාග් විද්‍යා අධ්‍යයන අංශය
මානව ශාස්ත්‍ර පීඨය
13 أيلول/سبتمبر 2022
උමතු අමුතුව.
30 آب/أغسطس 2022
අතීතයේ මතක
01 شباط/فبراير 2023
රැයේ සඳ අවදිව - මම හිඳි සුවසේ නිදිව
15 تشرين2/نوفمبر 2022
රතු වුණු දෑස්
08 آذار/مارس 2022
ඇය …
06 حزيران/يونيو 2023
කලු හමට මම
07 أيلول/سبتمبر 2022
මගේ පැල්පත


