Image

ඇයි ළමයෝ...

නෑ මුකුත්... නෑ වෙන්න බෑ..?

ඇයි?....

ඔයා සෑහෙන්න ආඩම්බර කෙනෙක් නේ..එත් මෙහෙම ඉන්නවා මම දැක්කේ අපි අපේ වෙලා හිටපු කාලෙක එක දවසක..?

ම්ම්ම්...

මට මතකයි..මම එදා ලෙක්චර්ස් යන්නම බෑ කිව්වා..එත් පස්සේ මට හිතුනා කමක් නෑ යමු කියලා..එත් එදා ඔයා සෑහෙන්න මාව තේරුම් ගත්තා..මට ඒ දවස අමතක නෑ කවමදවත්...?

හ්ම්ම්..දැන් ඕවා මතක් කරලා වැඩක් නෑ ළමයෝ... ඔයාව ඕනම කාලෙදි තමයි ඔයාව මට  මගඇරුනේ...ඔයාටත් එහෙම්ම තමයි...මම එක දන්නවා ලස්සන ළමයෝ ...

ඔයාටත් අර වගේ අමතක වෙන්නේ නැති ඔයා ඔයා වෙලා සෑහෙන්නේ නිදහසේ මං ළඟ සතුටින් හිටිය එකම මතකයක්වත් නැද්ද?....

 

හ්ම්ම්ම්

හ්ම්ම්ම් කියන්නේ ඇත්තටම නැද්ද ??...බොරු නේද ???...

හ්ම්ම්ම්....

මොකුත් ම නැද්ද ?..හරි කමක් නෑ....

මං නෑ කියන්නෑ. ඒත්....

හරී ඕනි නෑ...

නෑ ඉන්නකෝ....

නෑ,එපා...

තාමත් හිතුවක්කාර අඩු වෙලා නෑ නේද ?..

 

අහන්නකෝ...

මං දන්නවා ඔයා මට  ගොඩක් ආදරේ කළා... ඒ නිසාම වෙන්නමත් ඇති මට ඔයාව එහෙම මගඇරුනේ .....

ම්ම්ම්....ඒ වෙන්වීමෙන් පස්සේ මම ඔයා නිසාම එක දෙයක් තේරුම්ගත්තා.

ඒ මොකද්ද ?....ගෑනු ළමයෝ ...
ඕනම දෙයක් අපි ලග තියෙනකන් ඒකෙ අගය අපිට තේරෙන්නම නෑ යෝධ පිරිමි ළමයෝ 

හ්ම්ම්....

 

ඒ දේ අපෙන් නැති උනාම,අපි ඒක ඉක්මන් වෙලා නැති කරගත්තාම තමා ඒක අපිට කොච්චර වටිනවද කියලා දැනෙන්නෙ......

හ්ම්ම්...ඒකද දවසක් කියලා තිබ්බේ 

" වෙන්න ඕන දේවල් නෙමෙයි වුනේ කියලා...

මට මතකයි එහෙම මැසේජ් එකක්..මම ආයිමත් පස්සේ දවසක කියෙව්වා...

මට මතක නෑ...

කමක් නෑ....

මේක මගෙ අන්තිම ප්‍රශ්නෙ....

 

අහන්න....

කලෙකට පස්සේ හම්බෙලා මම සෑහෙන්න වද දෙනවා නේද ??...

නෑ.....

මම දැනන් හිටියා ඔයාට ඔහොම මාව මග ඇර ඇර දිගටම ඉන්න බෑ දවසක කතා කරන්නම වෙනවා කියලා...

ම්ම්ම්...

ඔයා මට තාමත් ආදරෙයිද ?.....

 

මම මෙහෙම කියන්නම්...

කොහොමද ??..

ඔයාට දැනෙන්නේ මම ඉස්සරහදී මොන වගේද ??...ඒ දැනෙන දේ තමයි ඔයා අහන ප්‍රශ්නෙට උත්තරය ගෑනු ළමයෝ .....

ඔයා ඉස්සර වගේම තමයි....තාමත් ආදරේ ඉස්සරහ බක පණ්ඩිත කම..

හ්ම්ම්ම්...

එත් මට වචනයම ඕන ඇත්තටම මට  තාමත් ආදරය කරනවාද ???....

ඒක දැනෙන්නේ ඔයාටනේ ගෑනු ළමයෝ ....දැනෙන්නේ මොකක්ද ?? ඒ තමයි ඔයාගේ ප්‍රශ්නයට උත්තරය...

ම්ම්ම්

හ්ම්ම්ම්...

 

හිනාවෙලාම ඉන්න...ලස්සන ගෑනු ළමයෝ ..

 

අදිත කොඩිකාර

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය