බිම්බා දේවි නම් ඈ...
- කවි
- Affichages : 5816

දීපංකර බුදුන් දින ඔහු සමග නියත විවරණ ලැබූ ඈ
මහා පින්බල හිමි ස්වර්ණ වර්ණ රූ සදක් වැනි ඈ
සියලු දනන් මන්මත් කරවන නීල නෙතු හිමි ඈ
නමින් විය බිම්බා දේවි නම් ඈ...
මලේ බඹරු රොන් සේ පිරිවර පැතූ
සැම අහරක්ම මිහිරි රස වේ යැයි පැතූ
ඇගේ හිතේ දැවෙන ගිනි ජාලා කප්ගිනි පැරයූ
මෙයයි බිම්බා දේවි සතු පතිවෘතය මිතූ...
මා ස්වාමීන් යලි මා වෙත එන දිනක
මගේ පැතුම් ඉටුවේ යැයි ඔහුගේ නෙත් අග
සියල් සතුන වෙනුවෙන් කැපකලේ මුළු ගිහිදිවිය
ඒ සත්‍ය සොයා එනතෙක් බලා හිදිමි මග...
රහල් පුතු අසයි නිතරම තම පියතුම ගැන
මන්ද නොතේරේ පවසන්නට මට දෙයක් නැත
උත්සහ කළෙමි ඇද පෙන්වන්නට ඔබෙ රුවක් ගෙන
පසුව, ගීයෙන් කළෙමි විස්තර ඔබෙ ගුණ කද ගැන...
ඩබ්. පී සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය.
7 septembre 2022
යකඩ!
18 avril 2023
පියෙකුගේ අවසන් කැමැත්ත
11 juillet 2022
කිරි සුවඳ
20 mars 2023
මංජුසාව
10 août 2022
In the midst of everything.
6 juin 2023
සඳළු තලයෙන් නික්මෙමි..
21 février 2022
වැලන්ටයින් එන්න කලින්


