සිනාසෙනු දුටිමි ඔහු ඇය සමඟ ...
- කවි
- Affichages : 5933

වපුළ හැකි නම් වෛර බිජුවට ...
ස්නේහ මල් පීදුණු හද අරණ ,
පුදන සොමියුරු සිනහවක් ගානේ ඇයට ...
වෙනුවට දඟකාර හසරැලි ,
නොසැලකිල්ලෙන් මෙ’මට විසිකළ ...
යවුල් ඇතිතාක් මෙ’දියත
විෂ පොවා ඊර්ෂ්‍යාවෙන් ගිනියම්ව ,
එකින් එක ගෙන පසාරු කල දු
නුඹ අඳුරු වත සම චපල හදවත !
වගුරනු රිසින් රුහිර ධාරා ,
මා හෙලූ උණු කඳුළු ගණනට ...
රහිමින් සිවියෙන් සිවිය ,
පිරික්සමින් තිබුණිද ආදරයක්
කවදාක කොහේ හෝ සැඟවී ,
සම කළ නොහැක එක් බිඳක්වත්
නුඹ මා ළයට දුන් එක් සෝ සුසුමකට .....
අන් පෙම්වතුන් මෙන්
පරිත්‍යාගශීලී නොවේ මම ... !
එනමුත් වෑයම් කරන්නෙමි හැමදාම
උගුලා දමන්නට ...
පීදුණු ප්‍රේම අංකුර
වැනසුණ ද හද උයන ඒ සමඟ.
නොදිය හැකි මුත් සුභ පැතුම් මල් මිට ,
කෙසේ දෙන්නෙම් නුඹට විෂ දළ ?
කාලයෙන් දේශයෙන් ,
වර්ණයෙන් කුලයෙන් ,
සැතපුම් යොදුන් ගණනින් ,
ඈත් කොට අප දෙදෙන
කටු කොහොල් මං තනා ,
අහස් උස පවුරු බැඳි ,
පසමිතුරු “ දෛවය ”
විත්තිකරු වනවිට ?
සඳවි ජිත්මිණී රත්නායක.
ප්‍රථම වසර.
ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශය
මානව ශාස්ත්‍ර පීඨය.
13 septembre 2022
බිම්බා දේවි නම් ඈ...
6 octobre 2022
බර අදින සිල්පර
25 octobre 2022
නොලැබු හසරැල්
18 avril 2023
හිත් පොඩ්ඩ....
10 août 2022
වලාකුළු කතා කරයි
10 août 2022
සුදු අරලිය සොහොන
28 décembre 2022
නුඹ දන්නවද..


