Image

ජනමාධ්‍ය නම් අප සතු වත්කමකි 

රට ගොඩනැගුමකට අවැසිම මාවතකි 

සත්‍යයේ සටහනට නිවැරදි බව ඇත්තකි 

යුක්තිය එවිට ලැබ දෙයි එය තොරතුරකි 

 

අවිනිශ්චිතව විය හැකි සිදුවීමක් 

සංක්ෂිප්තව එය සටහන් කර ගැනුමක් 

නිර්පක්ෂිකව පැවසිය යුතු බව ඇත්තක් 

සංරක්ෂිතව පැවතෙයි නිවැරදි පුවතක් 

 

දැලි පිහියෙන් කිරි කනවා සෙයක් වගේ 

වලි පිට වලි වෙයි පොර අල්ලන ගෙයක් වගේ 

ජනමාධ්‍ය නම් ඒ දැලි පිහිය වගේ 

ඇනුමක් විටෙක ඇතිවෙයි මාධ්‍යකරුගේ ඇගේ 

 

ඕනම ⁣දෙයක යහමින් ඇත හොඳ නොහොඳ 

වාරණ දැම්මෙ රැකගැනුමට යළිි යළි නිබඳ 

තාඩන පීඩනය ඇත ජනමාධ්‍යයේ සබඳ 

කාරණා කිව්ව පමණින් පුවතක් වේද 

 

නිදහස් සැමරුමේ දළඳා පෙරහැරේ 

රූ පෙළ පෙනේ නානාවිධ  විස්තරේ 

දැක්කේ තිබුණු හින්දා කැමරා සාත්තරේ 

ටවුමේ තිබුණා පහුදා රූ පෙළ හැම පත්තරේ   

 

කැලණි මව් තුමිය  බැබලේ මනකල 

සැදුණි සිසු කැලක් සිප් සයුරේ විපුල 

බැඳුණි හිත්පෙළක් ඒ දවසේ නිමල 

නිතිනි රැකේවා රඟහල අපේ නේමඬල   

 

රවීනා අනුපමා 

පළමු වසර 

සමාජයීය විද්‍යා පීඨය 

07 أيلول/سبتمبر 2022
15 تشرين2/نوفمبر 2022
13 أيلول/سبتمبر 2022
06 تشرين1/أكتوير 2022
27 تموز/يوليو 2022
25 تشرين1/أكتوير 2022