Image
නොනිදන රැයක රන්තරු කැට       පිබිදීලා 
දොම්නස සඟව නෙත්වල කැන්      අඩුවීලා
ගොම්මන අඳුර පුන්සද විත්          සැඟවීලා 
මොක්සුව මවන හැඟුමක සිත්      සැනසීලා 
 
වැට අග කුන්ද මල්පෙති රැය         පිබිදීලා 
දසදෙස සුවද වත්සුණු ලෙස         තවරාලා 
නිසසල බිඳින හැඩුමක වන         කැළඹීලා 
දෙසවන මැදට උලමෙකු නද        පැතිරීලා
 
හිනැහෙන ළපටි කඩුපුල් මල්         ඇඹරීලා 
දැකුමට එළිය සුදුසද වෙත           ළංවීලා 
අඳුරක පැහැය බියකරු බව          පිටුපාලා 
රැයකට අහස අසිරිය සිත             සැනසීලා 
 
සිත්මල් පුබුද හැඟුමන් යළි            සිහිවීලා 
මන්මත් විලෙස සිතුවිලි එකිනෙක    පාලා
සක්මන් කෙරුව මතකින් නෙත       නැවතීලා
සුසුමක් රැගෙන නෙතුපිළි යයි        පියවීලා
 
නිම්නදි ජයවර්ධන
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය
09 كانون2/يناير 2023
16 آب/أغسطس 2022
03 آب/أغسطس 2023
21 شباط/فبراير 2022
11 تشرين1/أكتوير 2022