හුස්ම!
- කවි
 - الزيارات: 3524
 
ජීවිතයකට පණ දෙන්න හුස්මකට පුළුවන්..
ජීවත්වන කාලය පුරාම ළගින් හිදිවි ඒ හුස්ම..
ජීවිතයේ අමාරැම කාලවලදීත් හුස්ම අපි ළගින් හිදීවි..
පාලුව තනිකම මකන්නට හුස්මකට පුළුවන්..
දිනයක, හුස්ම අපි දමා යන්නට යාවී..
එදාට පාලුව තනිකම මකන්නට කවුරැත්ම නැති වේවි..
ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවේවි..
හුස්මක වටිනාකම දැනෙන්නට ගනීවි..
ජීවිතේ මාවතේ දැනෙන කොට වෙහෙසකර..
නවතින්න හිතෙනවා සදහටම මගේ හුස්ම..
හුස්ම නුඹ තව ඉවසපං මහන්සි උනත් මට..
අමාරැම කාලයක් නොහිතපු මොහොතක ආවත්..
අමාරැම කාලෙදී තේරැනා ජීවිතේ..
භාවනාවකි කලාවකි රගමඩල තුළ රගදෙන..
වේදනාව - ඉවසීම, කදුල -සිනාව දරාගත යුතු..
කොහොමහරි ජීවත්වෙන්න දිරිය දුන් නුඹ හුස්ම..
හුස්ම නුඹට සදා ණයගැතී මට ජීවිතේ දුන්නාට..
හුස්ම නුඹට සදා ණයගැතී ජීවිතේ මා ළගින් සිටියාට..
සංසාර ගමනේදී යලිත් අප හමුවන්න..
සංසාර කතරේදිම මගේ හුස්ම නුඹ වෙන්න..
මා මියෙන තුරාවට මා ලගින් සිටින්නට..
නුඹට පුළුවන් ද මගේ හුස්ම..
පී.ඩබ්.ඒ සමන්මලී
විශේෂවේදී දෙවන වසර
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය

							
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                