සංවර්ධනයටත් කාලගුණය නැතුවම බෑ..?
- කාලීන
- الزيارات: 1226

ලෝකයේ හැම සංසිද්ධියකට ම කාලගුණයේ කුමන හෝ බලපෑමක් පවතිනවා. ලෝක කාලගුණ දිනය සෑම වසරකම මාර්තු මාසයේ 23 වන දාට ලෝක කාලගුණ දිනය යෙදී තිබෙනවා. 2023 වර්ෂයේ කාලගුණ දිනයේ තේමාව වන්නේ " කාලගුණය, දේශගුණය හා ජලය පරම්පරාවන් තුළින් අනාගතය උදෙසා" යන්නයි.
කාලගුණය හා දේශගුණය යනු ....?
එදිනෙදා ලෝකය මුහුණදෙන ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියක් ලෙසින් කාලගුණය නම් කරන්නට පුළුවන්. හොඳින් හිරු පායා තිබීම, ප්රශස්ත සූර්යාලෝකයක් පැවතීම, අකුණු සහිත වර්ෂා ඇතිවීම, පොද වර්ෂාව ඇතිවීම, මීදුම ඇතිවීම, හිම වැටීම,අයිස් වැටීම මේ සියළු සංසිද්ධීන් කාලගුණය ලෙසින් හඳුනාගත හැක.
කාලගුණය හා දේශගුණය යන වචන එක ළඟ කියැවෙන සමාන වචන වුවත් කාලගුණය හා දේශගුණය එකිනෙකට බොහෝ වෙනස්කම් දක්වන ක්‍රියාවලීන් දෙකකි. ස්වභාවික පරිසරයේ කෙටි කාලීනව ඇති වන සංසිද්ධීන් කාලගුණය ලෙස හඳුන්වයි. කෙටි කාලීන ව පවතින එම කාලගුණික ලක්ෂණ එම ප්‍රදේශයේ කාලීන ව හා අවකාශීය ව සාමාන්‍ය තත්ත්වයක් ගන්නෙදැයි දීර්ඝ කාලීනව කරණ ලද පරීක්ෂණ සහ නිගමන තුළින් දේශගුණය අර්ථානුරූප කරයි.නිදසුන් ලෙස යම් ප්‍රදේශයකට වසරේ මැද ඉතා තදින් සූර්යාලෝකය ලැබීම එම ප්‍රදේශයේ සාමාන්‍ය තත්ත්වය විය හැකියි. එවිට එම දත්තය වසර පනහක් පමණ නිරීක්ෂණය කොට එම ප්‍රදේශයේ දේශගුණය වසරේ මැද තදින් සූර්යාලෝකය ලැබීම සහ උෂ්ණත්වයක් තිබීම ලෙස නිමානය කරයි. ඇතැම් විට අහසේ හෝ වෙනත් බලපෑ හේතුවක් මත මෙම වසරේ හදිසියේ වර්ෂාවක් එම ප්‍රදේශයට ඇද හැලුනේ නම් එය දේශගුණික ලක්ෂණයක් නොවේ. එය කෙටි කාලීන කාලගුණික ලක්ෂණයකි.

