Image
භාෂාව අරුත් අනුවත් වෙනස් වෙනවද ? ලෝකයේ ඇති බොහෝ භාෂාවල ද්විත්ව අරුත් ගන්වන පද සුලබ වශයෙන්  දැකගත හැකි වෙනවා . භාෂණ සිංහල භාෂණයේ දී භාෂා සංදිග්ධතාව යනුවෙන්  හදුනාගනු ලබන්නේ එයයි.. භාෂා භාවිතයේ දී සංදිග්ධතා රැසක් දැකි හැකි අතර වාග් විද්‍යාත්මක අධ්‍යනයක දී භාෂා සංදිග්ධතාව අවස්ථා, අර්ථ අනුව ද වෙනස් වෙයි . වචනය තවත් වචනයක් සමග සම්බන්ධ වීම, සම්බන්ධයෙන් වන තැන අනුව අර්ථය තේරුම් ගැනීම ද  වේ. කතාබහේ දී භාවිතා කරන යම්කිසි අර්ථවත් භාෂාත්මක ඒකකයක් ආකාර එකකට වඩා අර්ථකථනය කිරීමේ හැකියාවෙන් යුක්ත නම් එය ද  සංදිග්ධතාව ලෙස ද හඳුනාගත හැකි වේ. ඩේවිට ක්‍රිස්ටල්  පෙන්වා දෙන ආකාර අනුව කිසියම් වචනයක හෝ වාක්‍යක් අර්ථ එකකට වඩා ඉදිරිපත් කරනවානම් එහි  සංදිග්ධතාවයක් ඇති බවයි . ලේඛනය හා නිරන්තරයෙන් ගැටී පවතින සංදිග්ධතාව තේරුම් ගැතීම අපහසු කාරණ යක් නොවේ.
අයියා පරණ  ලී බඩු සාප්පුවට යනවා  යන වාක්‍ය ගෙන අධ්‍යනය කිරීමේ දී ,  යෙදී ඇති අවස්ථාව අනුව එහි අරුත් දෙකකින් යුක්ත බව පෙන්වා දිය හැකිය. එනම්,
1 ලී බඩු සාප්ලුවේ නාමය පරණ විය හැකි බවය
2 ලී බඩු සාප්ලුවේ ඇති ලී වල ප්‍රමිතිය අනුව ඒවා පරණ  විය හැකි බවය.
සරල වශයෙන් භාෂා සංදිග්ධතාව යනු මෙයයි.
ඩේවිඩ් ක්‍රිස්ටල්  සංදිග්ධතාව වර්ග කිහිපයකට බෙදා දක්වමින් සංදිග්ධතාව ප්‍රකරණ බද්ධව ඉදිරිපත් වන බව සහ එසේ නොවන අවස්ථා ද පෙන්වා දී තිබේ. සංදිග්ධතාව බෙදා දැක්වීම් තුළ දී ,
Image
  1.     වාක්කෝශය සංදිග්ධතාව (Lexical Ambiguity)
  2.     සංස්ථීතික සංදිග්ධතාව (Structural Ambiguity)
III.     ප්‍රඥාපනීය  සංදිග්ධතාව  (Referential Ambiguity)
  1.     අවකාශීය සංදිග්ධතාව (Scope Ambiguity)
  2.     ප්‍රකරණමය සංදිග්ධතාව (Pragmatic Ambiguity) වේ.
 
වාක්කෝශය සංදිග්ධතාව (Lexical Ambiguity) බොහෝ වශයෙන් භාවිත  වන අවස්ථා ලෙස,
     1    නානාර්ථ වචන
     2    බහුවර්ත වචන
     3    Homophones
     4    Homograph
     5    උපචාර   
     6    රූපක
 
 එකම වචනයක් සදහා විවිධ වූ අර්ථ ගෙන දෙන වචන නානාර්ථ වචන වන අතර වචන අතර කිසිදු සම්බන්ධතාවක් දක්නට නොලැබෙයි. බල්ලෝ  යන පදය ගත් කල් හී කකුල් සතරක් සහිත බල්ලන් (සිව්පාවුන්) සහ බයිසිකලයේ බල්ලෝ අතර කිසිදු සමාන කමක් නෙිමැති බව නිදර්ශනයක් ලෙස පෙන්වා දිය හැකිය. බහුවර්ථ වචන ගත් කල් හී ඊට විවිධ අරුත් තිබෙන අතර එම අර්ථයන් හී කිසියම් ප්‍රභාවාත්මක සබධතාවයක් ඇති වේ . Head යන පදය ගත් විට එයට හිස  සහ  ප්‍රධානියා යන යන අරුත් ද්විත්වයමය වේ . Homophones මෙහි දී උච්චාරණය එකම ආකාරයකට සිදු වේ. නමුත් අකුරුවල ‌ෙවනසක් දක්නට ලැබේ. උදා - Bee and Be , Buy and By  පෙන්වා දිය හැකිය. Homograph මෙහි දී එකම අකුර වූ නමුත් උච්චාරණයේ වෙනස්කම් දක්නට ලැබෙයි. එකම ආකාරයකට ලියා දක්වයි. උදා - To and Two පෙන්වා දිය හැකිය. උපචාර  , උපචාර ගත් කල එදිනදා ජිවිතයේ දී ජනවහරිත ආකාරයෙන් සුලබ වශයෙන් දැක ගත හැකිය ‍. “කෝ ප්‍රෙෆා” යන්න් විමදු විට එයින් අදහස් වන්නේ මහාචාර්යය වරයා  යන්න නොව සියල්ල දන්නා තරමක් නුගත් තැනැත්තෙකු යන්නයි. රූපක වලදී නිශ්චිත වශයෙන්ම සබධතාවයක් ඇති අර්ථයක් පිළිබද ඉදාරිපත් කරයි. “ඔය නම් ගිනි තියන්නයි යන්නේ” ඉන් කේලමක් කීම දසහා සුදනම් වන බවක් ගම්‍ය වේ.
Image
සංස්ථීතික සංදිග්ධතාව (Structural Ambiguity) යන්නෙන් හදුන්වනු ලබන්නේ කිසියම් සංස්ථානයක් කුමක් සමග සම්බන්ධ වන්නේ ද යන්න මෙහි දී සොයාබලයි. මෙහි දී ව්‍යාකරණ . පද ,වාක්‍ය යන කරුණු දක්නට ලැබෙන අතර අර්ථයට මූලික තැනක් හිමි වේ. අලුත් පොත් කඩේ. යන වාක්‍ය කණ්ඩයතුල දී කඩේ ඇත්තේ අලුත් පොත් බව කිය වු ද නැවත එයින්ම කඩෙහි නාමය අලුත් බව ද කියවේ. මෙය සංස්ථීතික සංදිග්ධතාව හෙවත් Structural Ambiguity වේ.
ප්‍රඥාපනීය  සංදිග්ධතාව  (Referential Ambiguity) නිර්දේශාර්ථ සංදිග්ධතාව යන නාමයෙන් ද හදුන්වයි. මම කමල්ට බැන්නා , එයත් බැන්නා  යන වාක්‍ය ඛණ්ඩය ගෙන අධ්‍යනය කිරීමේ දී,  එයත් බන්නා කොටසේ දී එයා යනු කමල් විය හැකිය නැතහොත් ඒහි සිටි වෙනකෙකු විය හැකිය. එයා යන පුද්ගලයා නිශ්චිත ලෙස අපට හදුනාගත නොහැකිය.එය ගටලුකාරී අවස්ථාවක්ය.
අවකාශීය සංදිග්ධතාව (Scope Ambiguity) තාර්කික සංදිග්ධතාව යන අපර නාමයෙන් ද හදුන්වයි. වාක්‍යයක නීත්‍යානූකූලව තිබෙන සබදතාව මෙහි දී අධ්‍යනය කෙරේ.  පන්කියේ ළමයි හැමෝම සිංදු කිව්වා  යන වාක්‍ය ගත් විට තාර්කිකව ඇතිවන ගැටලුවනම් මෙහි දී ළමුන් තනි තනි වශයේන් සිංදු කිව්වා ද? නැතිනම්  හැමෝම එකට සිංදු කිව්වාද යන්නයි.
ප්‍රකරණමය සංදිග්ධතාව (Pragmatic Ambiguity) යන්නෙන් හදුන්වනු ලබන්නේ කිසියම් වාගාලාපයක් ප්‍රකරණමය බද්දව හෝ භාෂාමය ක්‍රියාවක් ලෙස සලකන අවස්ථාවන් වලදී ඇති විය හැකි සංදිග්ධතාව ප්‍රකරණමය සංදිග්ධතාව  වේ.  දෙහිවලට ගාන කීය ද?   යන්න විමසූ විට ප්‍රකරණ බද්ධව  එහි ද අරුත් ද්විත්වයක් වේ. අවස්ථාව අනුව එහි අදහස වෙනස් වව බව පෙනේ.
භාෂා සංදිග්ධතාව භාෂා අධ්‍යනයේදී නිරන්තරයෙන් හමුවන මාතෘකා ඒකකයක් වූ ද එය අවබෝධ කරගැනීම ඉතා අසීරු කරුනක් ලෙස ශිෂ්‍ය ප්‍රජාව අතර සුලබ ලෙස කතා  බහට ලක්වේ. නමුදු යෙදෙන භාෂා ස්වරූප අනුව භාෂාව විධිමත් ලෙස පරිණාමය වෙමින් ජීවමාන භාෂාවක් ලෙස පණ පෙවමින්  සිටී.
ප්‍රකරණය -  අවස්ථානූකූල ලෙස යෙදෙන  පද යන්න එහි සරල අදහසය.
 
හේමමාලී වඩුගේ
වාග්විද්‍යා අධ්‍යයන අංශය
සිව්වන වසර
මානවශාස්ත්‍ර පීඨය .