බුද්ධිගලනයේ ප්‍රතිඵලය - අනාගතයේ අර්බුදයයි
- කාලීන
- الزيارات: 6902
ලාංකිකයන් මෙපමණ කලක් ලොව දියුණු රටවලට සංක්‍රමණය විය. එහෙත් 2022 වසරේදී ලංකාවේ බුද්ධිගලනය 300%ක් පමණ ඉහළ ගොස් ඇත. ලංකා ඉතිහාසයේ මෙතරම් ඉහළ බුද්ධිගලනයක් පෙරදී සිදුවී නැත. මෙයට බලපෑ ප්‍රමුඛ හේතුව වන්නේ ලංකාව ආර්ථික හා දේශපාලනික වශයෙන් බංකොලොත්භාවයට පත් වීමයි. එමෙන්ම දක්ශතාවයට හා හැකියාවට තැනැක් නොදීම, රාජකාරි කටයුතුවලට බලපෑම් එල්ල කිරීම, නිසි වැටුපක් නොලැබීම, අවශ්‍ය සහයෝගය ලබා නොදීම යනාදී හේතූන් ද මෙයට බලපා ඇත. මෙසේ දිගුකාලීනව සිදුවන බුද්ධිගලනය නිසාවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි අනිසි බලපෑම් රාශියකි. රටතුළ සිටින විවිධ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් බහුල වෘත්තිකයන් බොහෝමයක් රට හැරයාම සිදුවන විට ඔවුන්ගේ සේවාව අත්‍යවශ්‍ය වන සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනයට එමගින් බාධා ඇතිවිය හැක. රට තුළ ශ්‍රම බලකාය සංකොචනය වීම සෘජුවම රටේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි බලපායි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහළ ගොස් තවදුරටත් සදා දුප්පත් රටක් ලෙස පැවතීමට සිදුවීමයි.