සීගිරි ළදුන්..
- කවි
- الزيارات: 5646

අවසර ලොවට යාබද ගිරි වස් මුදුන
පැහැසර අඹර උනගා මන්මත් යොදුන
වනසර සොඳුරු විහගා සක්මන් ඇදුණ
සුර පුර කසුප රජිඳා ගත සිත් රැදුන
පුන්දර අඹන මාහැඟි පර්වත මැදුර
තික්මෙර ප්‍රභව ළාගනි රන්වන් කිදුර
සුන්දර සුරඹ අගනා නිරුවත් සිරුර
රළුධර කුළක මවනා සිත්තම් පවර
හස්තක දරන ළාමක පඩුපුල් මලින
මස්තක නගින නාඹර අප්සර කෙළින
වරලක ගවස පෑ බර මල් රොන් වලින
අඟනක ලලිත භාවය මන්මත් කරණ
මනහර කනක ළා ගෙන බරනිඳු කතක
සසදර ලෙසට කාමව රජනිදු සිතක
සුර පුර වරම වෑහෙන කම් සැප භවක
පෙම් බර කසුප නැති දා තනි විය ගුලක
නිම්නදි ජයවර්ධන
පළමු වසර
මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය
15 تشرين2/نوفمبر 2022
මල්වර නැකත
18 تموز/يوليو 2022
Who am I ?
06 تشرين1/أكتوير 2022
දනිමි නුබ මගෙ බවම....
13 أيلول/سبتمبر 2022
රෝස මල
01 شباط/فبراير 2023
රැයේ සඳ අවදිව - මම හිඳි සුවසේ නිදිව
09 كانون2/يناير 2023
අකීකරු සිතිවිලි
07 أيلول/سبتمبر 2022
මගේ සඳ


