Image

මේඝයක ඔබ මවෙත එව් ඒ ලිපිය

හැර බැලුවා

ගිටාරයේ තත් වරින් වර හදවතට

කිති කැවුවා

මතක දිග හැර නැවත හකුලා

පසෙකලා තැබුවා

උඳුනේ උණුහුම ගතට ලබමින් කෝපි

රස බැලුවා

හන්තාන කන්ඳේ පහස ලත් සිසිලසක්

දුව ආවා

ඇහැළ මල් හිරිපොදේ තෙරපි බිම

පතිත වූවා

මහවැලිය වැහි බිඳු එකතු කර නව

රටාවක් මැවුවා

නුවර වැස්සේ තෙමෙන්නට හිත

ඉල්ලීම් කෙරුවා

 

හිමාෂා රණතුංග

මානව ශාස්ත්‍ර පීඨය

දෙවන වසර

28 كانون1/ديسمبر 2022
18 نيسان/أبريل 2023
01 شباط/فبراير 2023
15 تشرين2/نوفمبر 2022
30 آب/أغسطس 2022
13 تشرين2/نوفمبر 2022
03 آب/أغسطس 2022
15 أيار 2023