නින්ද සහ සිතුවිලි...
- කවි
- الزيارات: 6579

නොනිදන රැයක රන්තරු කැට පිබිදීලා
දොම්නස සඟව නෙත්වල කැන් අඩුවීලා
ගොම්මන අඳුර පුන්සද විත් සැඟවීලා
මොක්සුව මවන හැඟුමක සිත් සැනසීලා
වැට අග කුන්ද මල්පෙති රැය පිබිදීලා
දසදෙස සුවද වත්සුණු ලෙස තවරාලා
නිසසල බිඳින හැඩුමක වන කැළඹීලා
දෙසවන මැදට උලමෙකු නද පැතිරීලා
හිනැහෙන ළපටි කඩුපුල් මල් ඇඹරීලා
දැකුමට එළිය සුදුසද වෙත ළංවීලා
අඳුරක පැහැය බියකරු බව පිටුපාලා
රැයකට අහස අසිරිය සිත සැනසීලා
සිත්මල් පුබුද හැඟුමන් යළි සිහිවීලා
මන්මත් විලෙස සිතුවිලි එකිනෙක පාලා
සක්මන් කෙරුව මතකින් නෙත නැවතීලා
සුසුමක් රැගෙන නෙතුපිළි යයි පියවීලා
නිම්නදි ජයවර්ධන
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය
11 تشرين1/أكتوير 2022
දිවිය
06 تشرين1/أكتوير 2022
මගේ කඳුළු
15 أيار 2023
සයුරෙන් එතෙර කහවණු
10 آب/أغسطس 2022
වලාකුළු කතා කරයි
04 تموز/يوليو 2022
සරසවි තනිකම
03 آب/أغسطس 2023
ජීවිතය
10 تشرين1/أكتوير 2023
මැරෙන්නට මොහොතකට පෙර : කියම් ද නොකියම් ද ?


