වැද්දාගේ පාපොච්චාරණය...
- කවි
- الزيارات: 5337

නේක මංමාවත් දිගේ විත්,
රිදුම් දෙන‘මුත් දෙපා හකුලා
කුමරියගේ ඇහිදියරය රිද්මෙන්,
බොහෝ දෑ මං හැදිනගත්තා.....
දිසාපාමොක් නොදත් පාඩම්,
ප්‍රේමයේ හරි රහට තිබුණා..
වනේ ගහකොළ දැකපු නැති කවි,
අනේ! ඒ ඇස්දෙකේ තිබුණා...

ගෑණු කවදද වටේ නොගියේ,
දකින උන් මොනවදෝ කීවා
පුරුදු ගේ නැති පාළු ලැහැබක,
ඒකි බඩුවක්! කියලා කිව්වා....
ගෑණු රැවටෙන්නේ ම වචනෙට,
සුමට හිත් තව උන්ට මවලා,
මහබඹා උබ කරපු වරදට,
දඩුවමක් දෙන්නමයි ඕනා.......
එච්.ආර්.රුවනි නිරෝෂණී
පළමු වසර
සමාජයීය විද්‍යා පීඨය
07 أيلول/سبتمبر 2022
මුරුගසන් වැස්ස
18 نيسان/أبريل 2023
පා සළඹ...
16 آب/أغسطس 2022
මං එනතුරු
03 آب/أغسطس 2023
ඔරලෝසු කටු...
03 آب/أغسطس 2023
වියරු වී ගිය තාරුණ්‍යය
28 كانون1/ديسمبر 2022
We all need someone........
03 آب/أغسطس 2023
අවසන් වසර


