සිනාමුව තුළ කැන්දා - හදේ හැඬුම් පොදි බැන්දා
- කවි
- الزيارات: 5772

දැකුමකට පෙම් පුරන සිතිවිල්ල අස්සේ
සිහිනයට ඉකි බිඳන කඳුළු වැහි වැස්සේ
දෛවයට රළු බැනුම් මමය මට ඉස්සේ
ආලයට වරම් නැහැ තවම හද ගැස්සේ
දුර හිඳන් පෙම් පුරන කතිකාව හුදෙකලාවකි
බර කඳුළු නෙතින් ගැලු හැමවිටක ගං තලාවකි
බුර බුරා නැගුණ සෝ ගින්න ඇවිලෙන වෙලාවකි
හිර ගත්තේ නැති හිතක් තවම මහ අවනඩුවකි
රවීනා අනුපමා
පළමු වසර
සමාජයීය විද්‍යාපීඨය
10 آب/أغسطس 2022
සබ්බං පහාය ගමනීයං!
18 نيسان/أبريل 2023
පැතුමන්
13 أيلول/سبتمبر 2022
රෝස මල
06 تشرين1/أكتوير 2022
ප්රශ්න පත්රය
11 تشرين1/أكتوير 2022
ආලයේ වැසි
26 أيلول/سبتمبر 2022
තව නොදුටු කිරි සිහිනේ
07 كانون1/ديسمبر 2022
ළඳුනේ!


