සරසවි තනිකම
- කවි
 - Affichages : 3091
 
විභාගයත් කට උඩටම ආ හන්දා
ආවා අපිත් කැම්පස් සිතුවිලි රන්දා
හමුවූයේ පරණම හොස්ටල් හින්දා
අමනාපෙන් ගියා දුක සැප හිමි හන්දා
හමුවූ යෙහෙළියන් සේරම හොඳ හන්දා
සිටියා ඔවුන් සමඟින් සිත තුටු වින්දා
පාඩම් දිනෙන් දින අවසන් වන හින්දා
විභාගයත් ලිව්වා දින පසුකර දා
විපතක් යෙහෙළියකට නොසිතූ විලසින්
සියලු පුරුදු වෙනසක් විය එය ඇවිදින්
හොස්ටල් මාරු කෙරුවා ලෙඩ දී දෙවියන්
සිටියා දරා ඇයහට උවටැන් කරමින්
අසනීපය හිටි හැටියෙම වැඩි වූවා
ඇය මව සමග නිවසට පිට වූවා
පෙර අප කාමරේ තිදෙනෙක් වූවා
අනෙකත් එදා සවසම මින් පිට වූවා
හොස්ටල් මාරු වී මා මෙහි තනි වූවා
ඉකිබිඳිමින් සැමටම දුක පැවසූවා
අම්මා කතා කරලා මගේ හිත හැදුවා
අදටත් තනිව සිටිනට මා හුරු වූවා.
කෞෂල්‍යා තිලකරත්න.
ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පළමු වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය

							
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                