ආයෙමත් ආදරයෙන්
- කවි
- Affichages : 7039

පරණ සුවඳක් අරන් ඇවිදින් ආයෙමත් ආදරයෙන්
නිවන සිසිලයි කවදා කොහෙදිත් මහගෙදර මතකයන්...
දිරපු උළු වහු අතර පතරින් බේරී එන වැහි බිංදුවක්
නිදපු හැටි මතකේම තවමත් තියේ නැහැ එහි කිසිම රහසක්
කියපු රහ කවි කතන්දර අම්මගේ තුරුලේ නොනිද මහ රැයක්
දැකපු ඒ මහගෙයි අතීතයේ පහන නිවිලා මතකයක්......
සෑමදා නොවරදා සිංහල අවුරුද්ද සැමරුව තාත්තා
නොවරදා මහ ගේ ම පාටින් පාට කෙරුවේ තාත්තා
මෙදා දැලි බැඳි කුස්සි බිත්තියේ හයිය කළුවර ගහට ගත්තා
එදා වාගේ නොවෙයි මහගෙයි හුඟක් දේ නැතිවෙන්න ගත්තා
එස්.එන් රවීනා අනුපමා
පළමු වසර
සමාජයීය විද්යාපීඨ
3 août 2022
සුළඟ හා මුසුවෙමි
13 novembre 2022
සරසවි ප්රේමය
13 septembre 2022
නිහඬ නැගණිය
18 avril 2023
කවිය
18 avril 2023
අප්පච්චිට
28 décembre 2022
ආදරණීය සිත්තම
16 août 2022
ලියමනක්!


