ඔරලෝසු කටු...
- කවි
- Affichages : 7280

ටක් ටක් ටක් ටක්
නාද වූයේ ඒ ඔරලෝසුවයි!!
වේලාව දැන් මැදියම් රෑ දොළහයි
එනමුත් මේ ඇස් තවමත් නොනිදයි...
පසුපසින් යන දිග තත්පර කටුව
කියයි මගෙ අලස දිවිය
ඉදිරියෙන් යන පැය කටුව
සමයි ඔබෙයි මගෙයි කුටුම්භයට...
ඇයි කරකැවුණේ ඔරලෝසු කටු දකුණට
සෙව්වාද කවුරුත් එහි ඇති හේතුව
කටු වූවත් ඔරලෝසු, කරයි වැඩ අකුරට
ඉන්නේ අපි තවමත් අනුනට ක්‍රෝධ කර කර...
ඩබ්. පූර්ණා සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය
10 octobre 2023
සඳ අයිති අහසට ආදරෙන්..
6 octobre 2022
IT IS A FEELING THAT EVERYONE WANT
21 février 2022
මං
25 octobre 2022
ඉර...
28 décembre 2022
නින්ද සහ සිතුවිලි...
20 mars 2023
මංජුසාව
11 octobre 2022
ආදරණීය සරසවිය


