මා පිය තක්සලාවේ

උපන් හපනෙක් වේ

ශිල්පයෙන් වීරකම් පෑ

නමින් ඔහු මනමේ

 

තක්සලාවේ ඇදුරුතුමගේ

ලස්සනම දූ කුමරි වේ

මනමෙ කුමරිගෙ අතින් අතගත්

මමයි දියණිය කුමරි මනමේ

 

මව්පිය ප්‍රේමයෙන් - පිටමංව එදා දවසේ

මනමේ හා කෙළි‍දෙලෙන්

මාළිගාවට පිටත් වූවේ

 

වනය යන අතරමග  - පැටලුණ ප්‍රේමය

මුණගැසුන වැද්දාට - ලියා දුන්නා හදවතම

 

වනේ වැද්දාට ප්‍රේමයෙන් මා

මනමෙ කුමරුන් නැති කෙරෙව්වේ

මාල රන් අභරණ විතර ද

හදවත් ද හොරකම් කෙරුවේ

මා සෙවූ ප්‍රේමයේ සායම්

ගංතෙරේ ඔහු පා කෙරෙව්වේ

අහෝ දෙයියනි රැවටුණා මම

ප්‍රේමයෙන් ඇස් අන්ද කෙරුවේ…

 

එස්. පී. ප්‍රදීපා සංදීපනි ගුණරත්න 

දර්ශන අධ්‍යයනාංශය

සමාජ විද්‍යා පීඨය